IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


අඩු ආදායම් ලාබීන්ට දුන් සහල් පරණයිලු

(පියදාස සමරවීර හා හේමන්ත රණසූරිය)

අතිශය ආර්ථික දුෂ්කරතා හමුවේ බලපෑමට ලක් වූ අඩු ආදායම් ලාභී පවුල් ඒකක වෙත මසකට සහල් කිලෝ 10 බැගින් ලබාදෙන ජාතික වැඩසටහනේ දී වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැමි ගම්මානවලට කල් ඉකුත්වූ රතු කැකුළු සහල් ලබා දී ඇතැයි පුදේශවාසිහු චෝදනා කරති.

අප්‍රේල් 20/21 දිනවල වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා රජයෙන් නොමිලේ සහල් කිලෝ 10 බෙදා දීම ආරම්භ වී ඇත.

මෙම සහල් බෙදාදීමේදී රතු කැකුලු සහල් බෙදා දී ඇති අතර ඒවා කාලය ඉක්ම වූ සහල් බව ජනතාව කියති.

වැලිඔය ගජබාපුර හා ඇහැටුගස්වැව ගම්මාන වලට මෙම සහල් මෙසේ බෙදා දී තිබේ.

මෙම සහල් දුර්වර්ණ වී ඇති අතර ඒවා ආහාරයට ගැනීමද ජනතාවට ප්‍රශ්නයක් වී ඇත. ඒ හේතුවෙන් එකී දුගී ජනතාව දැඩි අපහසුතාවට ලක්ව සිටිෙමෙහිදී රජයේන් සුදු කැකුළු හෝ නාඩු සහල් ලබාදීමට උපදෙස් ලබා දී තිබිය දී වැලිඔය ජනතාවට රතු කැකුළු සහල් බෙදා දීමද ප්‍රශ්නයක් වී තිබේ.

මුදල් , ආර්ථික ස්ථායිකරණ සහා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය මගින් සියලු දිස්ත්‍රීක් හා ප්‍රාදේශීය ලේකම් වරුන්ට සහල් සපයා ගැනීමේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැපයුම් කරුවන්ට මූලික තැන ලබාදිය යුතු වුවද වැලිඔය එවැනි සැපයුම් කරුවන්ට ලබා නොදී පිටස්තර සැපයුම් කරුවන්ට අවස්ථාව ලබා දීමද වැලිඔය ජනතාවට ඇති තවත් ගැටලුවකි.

මේ සම්බන්ධව වගකිවයුතු ඉහළ නිලධාරීන්ගේ ඇස් යොමු වී තමනට සහනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද වැලිඔය ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධව වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් සිරිමාන්න මහතාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ එකී සහල් ඇසුරුම් කළ උර පරණ වුවද ඇතුළේ සහල් අලුත් ඒවා බවය.

ඒ බව ජනතාව දැනුවත් කර ඇති බවද පැවසීය.

 



අදහස් (13)

අඩු ආදායම් ලාබීන්ට දුන් සහල් පරණයිලු

Perera Monday, 22 April 2024 12:27 AM

මොවුන්ගේ කෙරුවාවල් ගැන ලොකු පම්පෝරි ගැහුවට මොවුන් ඇත්තටම කරලා තියෙන්නේ රටේ මිනිස්සුන්ව හිඟන්නන් බවට පත්කරපු එකයි...

:       0       5

Don perea Monday, 22 April 2024 12:28 AM

පාලකයින් දනී ලංකාවේ තවමත් හරක් ඉන්න බව ....

:       0       5

Lalla Monday, 22 April 2024 01:20 AM

නිකම් දෙන දේ ඉස්තරම්ම තත්ත්වයටම ඕනෑලු. නිකම්ම දෙන දේවල් මිල ඉතාම අධිකයි කියලා කතාවක් තියෙනවා. මතක තබාගන්න ඕවා නිකම්ම නොවේ. බදු ගෙවන සහෝදර ජනයාගේ මුදල් වලින් ලැබෙන දේ...

:       0       4

රාලහාමි Monday, 22 April 2024 01:40 AM

ප්‍රාදේශීය ලේකම් මෝඩයෙක්ද? නැත්නම් හොරෙක්ද? සහල් දුර්වර්ණවෙලා... ආහාරයට ගන්න අපහසුයි " කියලා ජනතාව කියද්දී මිනිහා කියනවා හාල් දාලා තියෙන බෑග් එකලු පරණ. මේ වගේ නිලධාරීන්ට බොහෝම නරක දසාවක් ඉතාම මෑතකදී ලබනවා. ඕකුන්ව කුඹුරු හාන්න මි හරක් වෙනුවට නගුල්වල බඳින්න ඕනෑ...

:       0       5

Prabha Monday, 22 April 2024 02:15 AM

අලුත් බෝතලේ පරණ වයින් වගේ වෙන්න ඇති...

:       0       1

සුබ අනාගතයේ සෞභාග්‍යය Monday, 22 April 2024 05:28 AM

පරණ වුණත් මොකද බං? නිදහස... ගත්තු දවසේ සිට අනුන් දෙන දෙයක් කන්නම බලාගෙන ඉන්න අයට මොනවාද? මොකද ඔන්න ඔහේ කාපල්ලා... අපේ පැත්තේ නම් කුඹුරු වැඩකර හාල් විකුණන අයටත් ඔය හාල් ලැබුණා. ඒවා ඔවුන් විකුණුවා ඔන්න ඔහොමයි දුගියන්ට හාල් බෙදුවේ...

:       1       2

ravin Monday, 22 April 2024 06:03 AM

එම ප්‍රෙද්ශයේ ජනතාවට කියන්න තියෙන්නේ ඔවුන්ට කිරි, අපිට කැකිරි කියලා පමණයි. ටිකක් දුරදිග බැලුවොත් දේශපාලකයෙක් පිටිපස්සේ...!

:       0       1

Ratawesiya Monday, 22 April 2024 07:51 AM

වැඩක් පලක් නොකර සමෘද්ධි නැත්නම් අස්වැසුම ආධාරයෙන් කන්න බලාගෙන සිටින නුඹලාට ඔහොම හරි දුන්නා මදිද බොලව් අපි දුන්නෙ පුළුවන් හැටියට තමා ඒකත් කන්න බැරිනම් රට ගිහිල්ලා බැලමෙහෙවර කරල අපිට ජොලි කරන්න සල්ලි එවපියව්

:       3       15

Akila Monday, 22 April 2024 09:19 AM

කල් ඉකුත්වූ පාලකයෝ රට පාලනය කරහම ඔහොම තමයි

:       1       18

HD Monday, 22 April 2024 09:28 AM

ප්‍රාදේශීය ලේකම්ගේ උත්තරේ මරු........

:       0       14

Kasthuri Monday, 22 April 2024 09:57 AM

මිනිස්සු දුප්පත් වීමට බලපාන්නේ අයහපත් ගැති පැවතුම්.... අපේ ගමේ ගොඩක් අයනම් මත්වතුරට ලොල් වුණ අය. එයාලාට සල්ලි දුන්නත් එකයි බාර් මුදලාලිලාට සල්ලි දුන්නත් එකයි..

:       0       3

sk Monday, 22 April 2024 11:25 AM

දුප්පතුන්ගෙනුත් හොරකම් කරන නිලධාරීන්

:       1       4

Kumar Tuesday, 23 April 2024 04:41 AM

ඇමරිකාවේ කියන්නේ කල් පැන්නාට ඉවත දමන්න කලින් තමන්ගේ ඇස් දෙකෙන් බලලා නාසයෙනුත් ඉවකර බලන්න කියලයි. දින මුද්‍රාව පමණක් බලන්න එපා කියලයි. ආහාරයට සුදුසුද යන්න තමන් තීරණය කරන්න කියලයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති - ජපන් විදේශ ඇමති හමුවක්
2024 මැයි මස 04 178 0

ජපානයේ විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය.


සඳේ පස් ගේන්න චීන මෙහෙයුමක්
2024 මැයි මස 04 212 0

රහස් සැගවුණු සඳේ අඳුරු කලාපයෙන්, සාම්පල පෘථිවියට ගෙන්වා ගන්න, චීනය නව මෙහෙයුමක් ආරම්භ කර ඇත.


කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්
2024 මැයි මස 04 945 2

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒවා යටපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා පිළිවෙත වර්තමාන ආණ්ඩුව ඊට වඩා ඉහළින


අධික රස්නයට නවයක් බිලි
2024 මැයි මස 04 911 2

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 468 10

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට
2024 මැයි මස 04 678 0

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 478 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1697 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site