
(පියදාස සමරවීර හා හේමන්ත රණසූරිය)
අතිශය ආර්ථික දුෂ්කරතා හමුවේ බලපෑමට ලක් වූ අඩු ආදායම් ලාභී පවුල් ඒකක වෙත මසකට සහල් කිලෝ 10 බැගින් ලබාදෙන ජාතික වැඩසටහනේ දී වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතැමි ගම්මානවලට කල් ඉකුත්වූ රතු කැකුළු සහල් ලබා දී ඇතැයි පුදේශවාසිහු චෝදනා කරති.
අප්‍රේල් 20/21 දිනවල වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා රජයෙන් නොමිලේ සහල් කිලෝ 10 බෙදා දීම ආරම්භ වී ඇත.
මෙම සහල් බෙදාදීමේදී රතු කැකුලු සහල් බෙදා දී ඇති අතර ඒවා කාලය ඉක්ම වූ සහල් බව ජනතාව කියති.
වැලිඔය ගජබාපුර හා ඇහැටුගස්වැව ගම්මාන වලට මෙම සහල් මෙසේ බෙදා දී තිබේ.
මෙම සහල් දුර්වර්ණ වී ඇති අතර ඒවා ආහාරයට ගැනීමද ජනතාවට ප්‍රශ්නයක් වී ඇත. ඒ හේතුවෙන් එකී දුගී ජනතාව දැඩි අපහසුතාවට ලක්ව සිටිෙමෙහිදී රජයේන් සුදු කැකුළු හෝ නාඩු සහල් ලබාදීමට උපදෙස් ලබා දී තිබිය දී වැලිඔය ජනතාවට රතු කැකුළු සහල් බෙදා දීමද ප්‍රශ්නයක් වී තිබේ.
මුදල් , ආර්ථික ස්ථායිකරණ සහා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය මගින් සියලු දිස්ත්‍රීක් හා ප්‍රාදේශීය ලේකම් වරුන්ට සහල් සපයා ගැනීමේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැපයුම් කරුවන්ට මූලික තැන ලබාදිය යුතු වුවද වැලිඔය එවැනි සැපයුම් කරුවන්ට ලබා නොදී පිටස්තර සැපයුම් කරුවන්ට අවස්ථාව ලබා දීමද වැලිඔය ජනතාවට ඇති තවත් ගැටලුවකි.
මේ සම්බන්ධව වගකිවයුතු ඉහළ නිලධාරීන්ගේ ඇස් යොමු වී තමනට සහනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද වැලිඔය ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටිති.
මේ සම්බන්ධව වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් සිරිමාන්න මහතාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ එකී සහල් ඇසුරුම් කළ උර පරණ වුවද ඇතුළේ සහල් අලුත් ඒවා බවය.
ඒ බව ජනතාව දැනුවත් කර ඇති බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගේ කෙරුවාවල් ගැන ලොකු පම්පෝරි ගැහුවට මොවුන් ඇත්තටම කරලා තියෙන්නේ රටේ මිනිස්සුන්ව හිඟන්නන් බවට පත්කරපු එකයි...
පාලකයින් දනී ලංකාවේ තවමත් හරක් ඉන්න බව ....
නිකම් දෙන දේ ඉස්තරම්ම තත්ත්වයටම ඕනෑලු. නිකම්ම දෙන දේවල් මිල ඉතාම අධිකයි කියලා කතාවක් තියෙනවා. මතක තබාගන්න ඕවා නිකම්ම නොවේ. බදු ගෙවන සහෝදර ජනයාගේ මුදල් වලින් ලැබෙන දේ...
ප්‍රාදේශීය ලේකම් මෝඩයෙක්ද? නැත්නම් හොරෙක්ද? සහල් දුර්වර්ණවෙලා... ආහාරයට ගන්න අපහසුයි " කියලා ජනතාව කියද්දී මිනිහා කියනවා හාල් දාලා තියෙන බෑග් එකලු පරණ. මේ වගේ නිලධාරීන්ට බොහෝම නරක දසාවක් ඉතාම මෑතකදී ලබනවා. ඕකුන්ව කුඹුරු හාන්න මි හරක් වෙනුවට නගුල්වල බඳින්න ඕනෑ...
අලුත් බෝතලේ පරණ වයින් වගේ වෙන්න ඇති...
පරණ වුණත් මොකද බං? නිදහස... ගත්තු දවසේ සිට අනුන් දෙන දෙයක් කන්නම බලාගෙන ඉන්න අයට මොනවාද? මොකද ඔන්න ඔහේ කාපල්ලා... අපේ පැත්තේ නම් කුඹුරු වැඩකර හාල් විකුණන අයටත් ඔය හාල් ලැබුණා. ඒවා ඔවුන් විකුණුවා ඔන්න ඔහොමයි දුගියන්ට හාල් බෙදුවේ...
එම ප්‍රෙද්ශයේ ජනතාවට කියන්න තියෙන්නේ ඔවුන්ට කිරි, අපිට කැකිරි කියලා පමණයි. ටිකක් දුරදිග බැලුවොත් දේශපාලකයෙක් පිටිපස්සේ...!
වැඩක් පලක් නොකර සමෘද්ධි නැත්නම් අස්වැසුම ආධාරයෙන් කන්න බලාගෙන සිටින නුඹලාට ඔහොම හරි දුන්නා මදිද බොලව් අපි දුන්නෙ පුළුවන් හැටියට තමා ඒකත් කන්න බැරිනම් රට ගිහිල්ලා බැලමෙහෙවර කරල අපිට ජොලි කරන්න සල්ලි එවපියව්
කල් ඉකුත්වූ පාලකයෝ රට පාලනය කරහම ඔහොම තමයි
ප්‍රාදේශීය ලේකම්ගේ උත්තරේ මරු........
මිනිස්සු දුප්පත් වීමට බලපාන්නේ අයහපත් ගැති පැවතුම්.... අපේ ගමේ ගොඩක් අයනම් මත්වතුරට ලොල් වුණ අය. එයාලාට සල්ලි දුන්නත් එකයි බාර් මුදලාලිලාට සල්ලි දුන්නත් එකයි..
දුප්පතුන්ගෙනුත් හොරකම් කරන නිලධාරීන්
ඇමරිකාවේ කියන්නේ කල් පැන්නාට ඉවත දමන්න කලින් තමන්ගේ ඇස් දෙකෙන් බලලා නාසයෙනුත් ඉවකර බලන්න කියලයි. දින මුද්‍රාව පමණක් බලන්න එපා කියලයි. ආහාරයට සුදුසුද යන්න තමන් තීරණය කරන්න කියලයි...