IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


අටුළුගම ගම්මානයට අගුළු දමයි

(රංජන් කස්තුරි , ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය අද (2)  පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.

මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීම නිසා මෙම පියවර ගෙන තිබේ.
 
ඒ අනුව  අටළුගම නිවාස  26 ට අයත්   පුද්ගලයන්  200 දෙනකු පමණ  සම්පුර්ණයෙන්ම  ස්වයං නිරෝධායනයකට  ලක්කර සිටින අතර  කිසිවකුට  ගමෙන් පිටවීමට හෝ   ගමට ඇතුලූ වීමට හෝ  අවසර නොදෙන බව  ආරක්ෂක අංශ කියයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදාවා ඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් පොලිසිය පැවසීය.

 



අදහස් (3)

අටුළුගම ගම්මානයට අගුළු දමයි

මුණසිංහ Saturday, 28 March 2020 12:58 AM

එංගලන්තය,ඇමරිකාව වැනි රටවල් වල ස්ථාවර ආණ්ඩු තිබියදීත් ඒ රටව් ක්‍රියා කරන ආකාරය දිහා බැලුවම ලංකාවේ ගෝඨා ඇතුලු කීප දෙනෙක් එකතු වෙලා කරන මේ වැඩ ටික ඇත්තටම ප්‍රශංසනීයයි. මගේ ඥාතියෙක් ඉන්නවා එංගලන්තේ. එයාට කොරෝනා බෝවෙලා පාසලකින්. රෝහලට දන්වලා ගියාම ගෙදරට වෙලා ඉන්න කියලා. ආපසු යවලා. ඔන්න සලකපු විදිය. එයාට දැන් සුව වෙලා. පාසල ගැන කිවුවම කිසි ගානකට අරන් නැහැ.

:       0       123

dilan Saturday, 28 March 2020 03:28 AM

ජාතිවාදය අවුස්සනවා නෙමෙයි. ‌මේ ගම්මානේ හිටපු රෝග වාහකයා දිගටම තමන්ගේ පුතා රට ඉදල ආවා කියන එක වසන් කරා. කොටින්ම මේ පුතා කොළඹ රතු පල්ලියේ පූජාවට ගියා කියලාත් වහන් කරා. මේ මනුස්සයට තේරුම් ගන්න මොලයක් තිබුනේ නැහැ මේ රෝගෙන් වලකින්න පුළුවන් සමාජ සම්බබන්ධතා දුරස් කිරීමෙන් මිසක් වන්දනා කිරීමෙන් නෙමෙයිි කියන එක. ඒ වගේම අර පෙරේදා ජයවර්ධනපුර රෝහලට සම්පූර්ණ බොරු විස්තර දීලා ඇතුල්වෙලා රෝගීන්, රෝහල් කාර්ය මණ්ඩලය විතරක් නෙමෙි මුළු මහත් සමාජම අනතුරට ඇදලාා දාපු කදානේ පුද්ගලයත් එහෙමයි. තේරෙන්නේ නැහැ ඔවුන් මේ විදියට හැසිරෙන්නේ හිතාමතාමද එහෙම නැත්නම් ඇත්තටම මොලේ නැති හින්දද කියලා?

:       0       308

sampath Saturday, 28 March 2020 02:32 PM

මේ තත්වයේ හැටියට ඇදිරි නීතිය තවදුරටත් පවත්වාගන්න වෙනවා. ඒ වගේම හැමෝටම කොරෝන කියල හිතලා වැඩ කරන්න වෙනවා. රෝහල් වල අය තේරුම් ගන්න....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 301 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site