(යොහාන් භාසුර)
මෙරට රජයේ පාසල්වල අටවැනි ශ්‍රේණියේ සිට ඉහළ දරුවන්ට තොරතුරු තාක්‍ෂණය සහ කෘත්‍රිම බුද්ධිය විෂයන් ලෙස හැදෑරීමේ අවස්ථාව හිමිවන බවත් මෙම මස 19 වැනිදා එහි නියමු ව්‍යාපෘතිය තෝරාගත් පාසල් 20 ක ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
දරුවන්ට සිය හැකියාව සහ අභිරුචිය අනුව අනාගතය සැළසුම් කිරීමේ හැකියාව නිර්මාණය කරන බව ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන යන්න කිට්ටු වෙන කොට මතක්වෙන දේවල් වල හැටි නේද?
කෝ අර මාර්තු ඉඳලා ප්‍රාථමික පන්තිවල පොඩි අයට කෑම දෙනවා කිව්වා නේද? ඒක කරන්නේ නැතිද?
මේ තවත් කයිය නායක කෙනෙක් තමයි. කයිවාරුව මිසක කරපු වැඩක් නැත. ඔය නොකෙරෙන බහුබූත නෙවෙයි, අඩුම තරමින් උස්ස පෙල කලා විෂයන් හදාරණ පිරිස අතරට ලෝකෙට ගැලපෙන විෂය සංයෝජන කිහිපයක් හදලා ඒවා ඔවුන්ට අනිවාර්ය කළා නම් ඔය බහුබුත කයිවාරු වලට වඩා වටිනවා. මොකද අනාගතයේදී බෝඩ් ලෑලි උස්සාගෙන පාරේ කෙරෙන උද්ගෝෂණ ටිකක් හරි නතරවෙයි එතකොට...
මෙයා විකාර කතා කරනවා. ඉස්කෝලේ උගන්වන්න ගුරුවරුන් නැහැ ... හුණු කූරක් ගන්න සල්ලි නැහැ. ළමයි බඩගින්නේ එන එකත් එන්නේ... දවසක් ආවොත් ඊළඟ දවසේ නැහැ.