(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අටවන ජනාධිපති පත්වූ දා සිටම කළේ උගුල් අටවන එක යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අටවන උගුල්වල සීමාවක් ලෙස කී මරික්කාර් මහතා මැතිවරණය කල් දැමීමට ගෙනෙන අන්තිම කුමන්ත්‍රණය මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත බව කීය.
රටක ආර්ථිකය කාබාසිනියා කරපු අය ඡන්දය තියන්න සල්ලි නෑ කියන බව කී මරික්කාර් මහතා ඡන්දෙ තියන්නේ වෙලාවට පඩි ගෙවන්න පුළුවන් ,සමෘද්ධිය දෙන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවා ගන්න බව කීය.
දැන් තෙල් නැව් පරක්කු කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව පැවසු මරික්කාර් මහතා ව්‍යවස්ථාව රකින බව කියමින් පැමිණි ජනාධිපතිතුමා ව්‍යවස්ථාව කඩන්නම හදන බව සඳහන් කළේය.
උගුල් අටවා ඡන්දය කල් දමන්න උත්සාහ කළොත් වීථි බැස කැරලි ගහන බවද එස්.එම් මරික්කාර් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීථි බැස කැරලි ගැසීමට එස්.එම් මරික්කාර් ජනතාව පෙළඹවමින් සිටියි...