
(මනෝප්‍රිය ගුණසේකර සහ සුමිත් පොතුපිටිය)
දුෂණය කිරීමේ අරමුණීන් පැහැරගත් තම මිතුරාගේ නව හැවිරිදි දියණීය මඩේ ගිල්වා ඝාතනය කල බවට වරද පිළිගත් විත්තිකරුට වසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා දැරියගේ මවට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමටද ඊයේ (13) නියම කළේය.
නිරන්තරයෙන් නිවසට යනෙන දැරියගේ පියාගේ මිතුරෙකු වන විත්තිකරු කර ඇති මෙම සාහාසික අපරාධය හේතුවෙන් අහිංසක මල් කැකුලකට සිය දිවියෙන් වන්දි ගෙවවීමට සිදුව ඇති හෙයින් මෙවැනි අපරාධයන් කරන සමාජයේ සෙසු අපරාධකරුවන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ඔස්වල්ඩ් ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට එලෙස දඬුවම් නියම කළේය.
මීට වසර 02කට පෙර බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේදී මෙම අපරාධය කිරීමේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ බණ්ඩාරගම අටුළුගම පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් හෙවත් පල්ලිකුට්ටි නමැති විත්තිකරුවකුටය.
විත්තිකරුට එරෙහිව ලඝු නොවන මුලික සාක්කි විභාගයක් නොපවත්වාම නීතීපතිවරයා කෙළින්ම මහාධිකරණයේ නඩු පවරන ලදී.
(ඡායාරූප සැපයුම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම මදි. අහවල් එක කපන්න තිබුනේ...
ඔය මදි...
ඉතින් ඔය නරුමයා නඩත්තු කරන්න කොපමණ රජයේ මුදලක් වැයවෙනවා ඇද්ද .මේ පත්තරේ මම දැක්කා මැඩගස්කරයේ මෙහෙම දේවල් සදහා නහර කැපීම අප්‍රාණික වීමට ඉන්ජෙක්සන් ගැසීමට අනුමත කලා කියලා ඒකට රටේ ජනතා විරෝධතා ඇතිවෙලා නැහැ මට හිතෙනවා ලංකාවෙ එන්න එන්නම දූෂිත ක්‍රියාවන් වැඩිවෙන නිසා එහෙම නීති හැදුවොත් බන්ධනාගාර ඉඩකඩ වලට විසදුම් ලබාදීම හා නිවාස අඩස්සියේ තැබීමට අනවශ්‍ය විම ආහාර වියදම් අඩුවීම සමග වරදට යොමුවීම අඩුවෙනවා .මැඩගස්කරයේ අනුමත කලා වගේ නීතියක් ඇත්නම් උසාවි තීන්දුව දුන්නා පසුදා දඩුවම් දුන්නා ගෙදර යැව්වා ලංකාවටත් එහෙම නැතුව හදන්න නම් බැහැ කියලා හිතෙනවා
එතකොට මරණ දඬුවම දෙන්නේ මොන වරදවල් කරහමද ?වත්තකට පැනලා හොරෙන් පොල් කැඩුවම ද ?
මූට මරණ දණ්ඩනය නොදුන්නේ ඇයි