IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘අජිත් රෝහණට එහෙම කියන්න බෑ‘

(සුජිත් හේවාජුලිගේ )

දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතාට  ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියමිත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවැසීය.

අජිත් රෝහණ මහතා ඇතුළු   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බව පැවසූ අමාත්‍යවරයා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව එවැනි මාරු කිරීම් කිරීමට ඒ කොමිසම බලය ලබාදී  ඇති බවද ප්‍රකාශ කළේය.

ඔහු දකුණු පළාතට මාරුකර  යවනු ලැබුවේද ඉහත  ක්‍රමවේදය අනුව බවත් ඒ අවස්ථාවේදී   දකුණු පළාතට ගිය අජිත් රෝහණ මහතා එම ක්‍රමවේදය යටතේම නැගෙනහිර පළාතට මාරු කළ අවස්ථාවේදී එය  ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි  ටිරාන් අලස් මහතා ප්‍රශ්න කළේය.

සේවා අවශ්‍යතා මත කළ උසස් පොලිස් නිලධාරින් රැසකට මාරුවීම් ලබාදී  ඇති අවස්ථාවක  අජිත් රෝහණ මහතා පමණක් එම  මාරුවීම ප්‍රතික්ෂේප කිරීම ගැටළු සහගත කාරණයක් බව  පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ පිළිබඳව රජයේ  විශේෂ අවධානය යොමුවී ඇතැයිද  ප්‍රකාශ කළේය.



 

 



අදහස් (12)

‘අජිත් රෝහණට එහෙම කියන්න බෑ‘

ravin Wednesday, 26 April 2023 10:43 AM

මෙහිදී ස්ථාන මාරුවීම් පිලිබඳ නීතිමය තත්ව්‍යා කෙසේවෙතත් ඉතිහාසයේ ගරු අධිකරණයක් මගින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක නොවී තිබීම පිළිබඳව අවධානය යොමුකළයුතු නොවේද?

:       2       32

sena Wednesday, 26 April 2023 10:46 AM

පොලිස් කොමිසමකට පුලුවන්ද තමන්ගේ බලය වෙන කෙනෙකුට පවරන්න ?

:       2       31

Samantha Wednesday, 26 April 2023 10:48 AM

නැත. Titan Alles යනු නීතිය නොවේ. විලිලැජ්ජා නැති දේශපාලකයන්ට එහි බලය පැවරීමට පොලිස් කොමිසමට නීත්‍යානුකූල අයිතියක් නැත. අජිත් රෝහණ කිව්ව දේ හරි. අජිත් රෝහණ පසුගිය කාලයේ කළ දේට අපි එකඟ නොවුණත් මෙය හෙළා දැකිය යුතුයි.

:       1       37

විහඟ Wednesday, 26 April 2023 11:17 AM

අධිකරණ නියෝගයක් තියනවා දේශබන්දු ගැන නීතිපති නිර්දේශ කරල තියනව බස්නාහිරින් මාරු කරන්න කියල ඔක්කොමත් හරි කොල්ලො එළව එළව ගැහුවා එයාව මාරු කරන එක සේවා අවශ්‍යතාවයක් නොවේද

:       3       29

ලසන්ත Wednesday, 26 April 2023 11:17 AM

විනය ක්‍රියාමාර්ගයක් නොවේනම් සහ හදිසි අවශ්‍යතාවයක් බව තහවුරු කළ නොහැකිනම් කොමිසමේ අනුමැතිය කලින් ගන්න බැරි ඇයි? දැන් ඔය විධියට සේවා අවශ්‍යතා මත, කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව කියමින්, කොළඹින් දකුණු පළාතට.., දකුණින් නැගෙනහිර පළාතට..., නැගෙනහිරින් තව කොහෙටහරි.., තවටික දවසකින් තව කොහෙටහරි, පළාතේ රාජය ඇමති හෝ නියෝජ්‍ය ඇමති අකමැතිනම් තව කොහෙටහරි... මාරුකිරීම හරිද? මේක මහ පිස්සු රටක්නේ!

:       1       38

ලුම්බිණි Wednesday, 26 April 2023 11:18 AM

ටිරාන් අලස් නම් මාරු කිරීම් කරන්නේ පොලිස් කොමිසමක් මොකටද?

:       1       36

Rata Perata Wednesday, 26 April 2023 11:54 AM

ටිරානය දන්න නීතිය

:       1       24

චන්දන Wednesday, 26 April 2023 12:22 PM

මේ ස්ථාන මාරු ක්‍රමවේදය වැරදියි. හිතුන හිතුන වෙලාවට දාම් බෝඩ් එක වගේ ඉත්තො අදිනවා. හිතුන හිතුන තැන්වලට . කිසිම සාධාරණයක් නැහැ.

:       0       22

Rohana Wednesday, 26 April 2023 02:55 PM

ආවරණ අනුමැතිය පොලිස් කොමිසම පිළිනොගත්තොත් මොකද වෙන්නේ...? ආවරණ අනුමැතිය කියන්නේ නියමිත ක්‍රමවේදයට පිටින් ගොස් පොලිස් කොමිසමෙන් අනුමැතිය පසුව ලබාගැනීමයි. දේශපාලකයින්ගේ වුවමනා, එපාකම් අනුව මාරුකිරීම් කිරීමට ‘ආවරණ අනුමැතිය’ යන තිරය පිටුපස වැඩවලින් කොමිසමක බලාපොරොත්තු ඉටුකරගත නොහැක...

:       0       8

ලසන්ත Wednesday, 26 April 2023 03:40 PM

සේන හා සමන්ත දෙදෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බලන්න තේරුම් ගන්න අමාරුයි නම් රජයේ පළපුරුදු නිළධාරි කෙනෙක් හමුවෙලා සාකච්ඡා කරන්න එතකොට පැහැදිලි වේවි

:       3       2

විපරමා Wednesday, 26 April 2023 04:13 PM

ටිරාන් අලස් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .දූෂිත දේසපාලුවන්ට ඕන ඕන වෙලාවට එහෙට මෙහෙට මාරු කරන්ඩ පුලුවන්ද .

:       2       10

Bamunuarachchi Thursday, 27 April 2023 06:47 AM

මොකද එහෙම කියන්න බැරි ? කියලා ඔය මාරුව නවත්වාගෙන තිබෙන්නේ. ඔහෙලා ඔතනට එන්නේ අවුරුදු කීපයකට. රජයේ සේවකයා අවුරුදු 30-35 සේවයේ යෙදෙනවා. උඹලාගේ හිතුමනාපෙට රජයේ නිලදාරීන් අල්ලේ නටවන්න උත්සාහ කරන්න එපා. ඊළඟ චන්දෙදි සමහර විට ජනතාව උඹලව පයින් හගලා එලවා දමාවි. නමුත් රජයේ සේවකයාට එහෙම වෙන්නේ නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site