IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අජිත් රෝහණගේ පෙත්සමට දින දෙයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

නීතියට පටහැනිව තමන් නැගෙනහිර පළාතට මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ප‍්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා විසින් ගොනුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, ජාතික පොලිස් කොමිසම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

 



අදහස් (2)

අජිත් රෝහණගේ පෙත්සමට දින දෙයි

චාන්දනී Tuesday, 18 July 2023 06:18 AM

රජයේ සේවයේ පත්වීමක් ගන්නා ඕනෑම කෙනෙක් ලංකාවෙ කුමන පෙදෙසක වුනත් වැඩ කරන්න සූදානම්ව සිටිය යුතුය කියලා නියමයක් තියෙනවා ඒක පත්වීම් ලිපියේ තිබේද කියලා නම් මතක නැහැ එහෙම තියෙද්දි නිතියට පටහැනියි කියන්න බැහැ ඇත්තටම මෙයා අධිකරණයට ගියේ ආයතන සංග්‍රහය අනුව අවසරයක් අරගෙනද කියලත් බලන්න ඕන කොහොමද පොලිස්පති වෙන්න සිටින කෙනෙකුගේ වැඩ.

:       1       0

රාළහාමි Tuesday, 18 July 2023 01:38 PM

පොලිසියේ ඉහළ නිලධාරීන් ඔය විදියට හැසිරෙනකොට පහල නිලධාරීන් කොහොම කරයි ද. ඔබතුමාට හිතට අමාරු පාලකයන් වෙනුවෙන් කඩේ ගියපු නිසයි. ඕවා තේරුම ගන්න බැරි වීම ගැන අපිට දුකයි. දේශපාලකයෝ ඕනෙම කෙනෙකුගෙන් වැඩ අරගෙන පස්සේ බුලත් හපයක් වගේ විසිකරලා දානවා. ඒකට පොලිසියේද, පතලයේද, කුඩුකාරය ද අදාල නෑ. පොලිස්පති වීමේ බලාපොරොත්තුවෙන්නේ ඔය කරපු ගොඩක් දේවල් කෙරුවේ. නමුත් ඒ සිහින බොඳ වී යනවා වගේ පේන නිසා දුකයි. එ මදිවට මාරුවකුත් කරලා. හිත හදාගන්න ඔබතුමා. මේ ශ්‍රීලංකා දේශපලයයි . "ඇටි කෙහෙල් කෑවනම් වින්දවපන් බළලෝ කීවලු."

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site