IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අජිත් රෝහණගේ පෙත්සම විසි වේ

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

නීතියට පටහැනිව තමන් නැගෙනහිර පළාතට මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

මෙම පෙත්සම එස්.තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය කියා සිටියේ මෙම මාරුවීම පොලිස් කොමිසම විසින් ඒකමතිකව සිදු කර ඇති බවත් පෙත්සම්කරු සමග මාරුවීම් සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරු 7 දෙනෙකු මේ පිළිබඳ කිසිඳු අභියෝගයක් කර නොමැති බවත්ය. ඒ හේතුවෙන් මෙම පෙත්සම ඉවත දමන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය ඉල්ලා සිටියාය.

 



අදහස් (6)

අජිත් රෝහණගේ පෙත්සම විසි වේ

MASURAN Tuesday, 05 September 2023 06:20 AM

මාධ්‍ය මගින් පුම්බවා ගත් බැලුමක අවසානයේ හුළං ගොස් ඇත . අනුන්ට වලවල් කප කපා යාමේදී තමන්ද එම වලක වැටීමට ඉඩ ඇති බව සෑම කෙනෙක්ම මතක තබාගැනීම මැනවි .

:       1       4

Anura Tuesday, 05 September 2023 07:22 AM

රම්පෙ කරපිංචා වගේ

:       0       3

sarath Tuesday, 05 September 2023 07:58 AM

මහජනතාව වෙනුවට හොරුන්ට කඩේ ගියාම ලැබෙන දේ වලින් ටිකක්

:       0       5

kotiyaa Tuesday, 05 September 2023 08:42 AM

ඉතින් කොහෙද බන් සාධාරනේ බලාපොරොත්තු වෙන්නේ? ඒකමතිකව කලාම අයිතිවාසිකම් කඩ වෙන් නැද්ද? අනික අනිත් උන් හත් දෙනා නිදාගෙන හිටියා කියලා මේ මනුස්සයාගේ අයිතිවාසිකමුත් කඩවෙන්න දෙන්න ඕනෙද? ලකේ පංකාවේ නීති සහ විනිශ්ච්‍යකාරයෝ ගැන හරිම සතුටුයි. හෙට අනිද්දා අර ඔන්මැක්ස් පිරමීඩ ජාවරමට අහුවෙච්ච උන්ටත් කියයි ඔන්මැක්ස් එකේ උන් ඒකමතිකව තමා ඒක කරලා තියෙන්නේ සහා දාස් ගානක් ඔන්මැක්ස් එකට විරුද්දව පැමිණිලි කරලා නැති නිසා ඒ නඩුවත් විභාග කරන්න බැරිය කියලා.

:       1       2

wmmd bogollagamaTuesday, 05 September 2023 01:57 PM

එයින් අදහස් වන්නේ එය දේශපාලන හෝ වෙනත් තුන්වන පාර්ශ්ව මැදිහත්වීම්වලින් තොරව පොලිස් කොමිසමේ ස්වාධීන සහ ඒකමතික තීරණයක් බවයි. එබැවින් එය අධිකරණය විසින් ලබා දුන් සාධාරණ තීන්දුවක් බවයි.

:       1       0

Perera Tuesday, 05 September 2023 10:29 AM

ඔව් ඉතින් දේශබන්දුව ආරක්ෂා කරන්න ඕන නේ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 324 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site