(රන්ජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත්.පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවිය යුතු බවට එජාප විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ අනුව විනය කමිටුවේ තීරණය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී ඇතැයි ද පැවසේ.
විනය කමිටුවේ තීරණය පක්ෂ නායකයා වෙත බාරදුන් පසුව ඒ පිළිබඳව නැවත සලකාබලා ස්ථිර තීන්දුවක් ගැනීම සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර පැනපු අනිත් අය හරිද? පක්ෂයක් වලපල්ලටම අරන් යන්න නියම කමිටුව.. මේ යන විදියට දෙවෙනියාගේ තනතුරට ඉක්මනින්ම තට්ටු වෙයි වගේ..
දෙගොල්ලම එකම වල්ලේ පොල්.. ඔය පක්ෂ මාරු කරන්න යන්නේ එක විනාඩියක් පමණයි. හොරු සමග හොරු 71 වසරක් අපි තේරුම් ගත්තා. දැන්නම් නැවත එපා..
අන්න එහෙම කෙලින් තීරණ ගන්න ඕනේ... එක එකාට ඕනෙ විදියට නටන්න දෙන්න බැහැනේ...
දැන් එතකොට සජිත්ට විනය කමිටුවෙන් අවුලක් නැහැ. එයාගේ සාමාජිකත්වයනේ එහෙනම් තහනම් වෙන්න ඕනේ. ඒක ඔය විනය කමිටුව හොරුන්ව තමයි ආරක්ෂා කරන්නේ..
නියමයි ඔන්න ඔහොම තමයි කරන්න ඕනේ. මුහුදේ රැලි නැගී බිඳෙන්න, බිඳෙන්න දසදහස් ගණන් රැලි ඇතිවෙනවා වගේ ඔය දෙපත් නයි ගියාට ඕනෑතරම් උගතුන් බිහිවෙනවා. ඒක නිසා බය නැතිව ඔවුන්ව නෙරපා හරින්න...
අහෝ! එජාපය.
පක්ෂයේ ඇතුලේ ලගිමින්, කකුලෙන් අදිමින් වැඩ කටයුතු අවුල් කලේ කව්ද කියලා බලාගන්න ඕනේ නම් ඔන්න බලාගන්න කස්ටියවම. ඔය සජිත් පස්සෙන් ඉන්න ඔක්කොම ටික සජිත් සමග පක්ෂය ඇතුලේ ඉඳගෙන කල වෙස් බැඳීම තමයි සජිත්ගේ ජනපති අපේක්ෂක නැටුම කල එළි බැස්සේ...
මේ දෙදෙනාම පක්ෂයේ විනය කඩකලා පමණක් නොව, හැකිනම් ඕනෑම දෙයක් කරන්න කියා ප්‍රසිද්ධියේ කියා සිටියා. මොවුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වීම පිළිබඳව පාක්ෂිකයන් වශයෙන් අප කණගාටුවෙමු. උගත්කම බුද්ධිමත්කම සහ දේශපාලනයේදී අත්‍යවශ්‍යම දුරදක්නා නුවණක් නොමැති දෙදෙනෙකි. සත්‍ය වශයෙන්ම කටින් වැඩකාරයන් සේ වැඩ පෙන්වන දෙදෙනෙකි..
මේ ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන්න. බැඳුම්කර හොර වහන්න පොත් ලියපු, ෆුට් නෝට් දාපු දෙන්නට හොඳ වැඩේ..!
රටේ ජනතාවට නම් එපාවෙල ඉන්නේ
පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වන සියලුම මන්ත්‍රීන්ට එක සේ මෙය ක්‍රියාත්මක විය යුතුයි.අගේ ඉදන් කන කන්න තියන්න හොද නැහැ. පැනපු අයද පනින්න සිතන අයටද එක සේ මෙය සිදු විය යුතුයි .
දැන් එජාපයේ ඉන්නේ ගොන්රැලක්...
අම්මපා මේ අපේ සූත්තර පුංචාව මහ බැංකු මංකොල්ලයෙන් බේරගන්න "ෆුට්නොට් ලියලා 18 සන්නිය නටපු ළඟම ගොට්ටෝ දෙන්නෙක් " නේද? අනේ මල්ලියේ ඔය දෙන්නට මොකද වුනේ? කවුරු හරි පැණි වරකාවට උදැල්ලකින් ගහලා වගේ නේද මල්ලිලා?
මුලින්ම සාමාජිකත්වය අත්හිටුවන්න ඕනේ බැඳුම්කර හොරුන්ගෙන් ගෙවල් අල්ලස් විදිහට ගන්න. ඇමැතිවරුන්ගේ සහ අවුරුදු 25ක් විතර කාලයක් සිට පක්ෂය වලපල්ලට ගෙන ගිය බලය, ලැබුණු විට රට හරිහැටි පාලනය කරගන්න බැරි අයව..
සුජීව කඩුවෙලටත් එපා. වැඩකට නැති මිනිහෙක්. ඡන්ද කාලේටවත් ගම්වලට එන්නේ නැහැ. හැමදාම ආසනය අන්ත පරාදයි. කට විතරයි වැඩ නැහැ.
ඔන්න ඌරන් කැකුණ තලනවා හබන් කුකුලෝ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තොත් හොඳයි.
සමන්ත පක්ෂයක වැඩකරන ක්‍රමයක් තියෙනවා. කට තිබුණු පළියට, යමක් තම තමන්ට ඕනෑ වුණු පලියට වැඩ කරන්න බෑ. එ්කට ක්‍රමයක්, විනයක් තියෙන බව දැනගන්න ඕනේ. අනික මේ අය කවුද මේ නායකයෝ හදන්න? ලලිත්ලාට, ගාමිණිලාටත් බැරිවුණු ඒවා මේ වගේ දෙන්නෙකුට කරන්න පුළුවන් කියලා හිතනවද? අනික මේ අය මේ කරන්නේ කොන්ත්‍රාත්තුවක්. ඒ නිසා පක්ෂයේ විනය රැකගන්න එලවලම දාන්න ඕනේ. වැඩිය උඩ පැන්නොත් සජිතුත් යවලා රට රැකගන්න වැඩ කරන්න ඕනේ.
මොන පක්ෂෙන් වුණත් ඉතා හොඳ තීරණයක්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මැති, ඇමැති වුණාම නීතිය කියන්නේ තමන් කියලයි.
මරණාධාර සමිතියක වුනත් විනයක්, ප්‍රතිපත්තියක් තියෙනවා. අභ්‍යන්තර විනය හදාගන්න බැරි පක්ෂයකට රටක් හදන්න බැහැ.
හරි තීරණයක්... මෙයාලා පක්ෂයට අවශ්‍ය නැහැ. තව ඉන්නවා තුන් දෙනෙක් විතර...
මොවුන්ගේ සමාජිකත්වය අත්හිටුවිය යුතුමයි. මොවුන් තමයි ස්ජිත්ව දාගෙන එජාපය නැතිකරන්න යන්නේ චන්ඩි නොහොත් චන්ඩාලයෝ කියන්නේ පහත් වැඩ කරන්නෝ. පහත් වැඩ යනු තමන් සිටින යම් සමාජයක පවතින විනය නොතකා හිතුමතේ ක්‍රියා කරමින් කළ වැරදි වසාගෙන තමන් හරි යයි වහසි බස් දෙඩීමයි. මොවුන් අනුව යන්නෝද චණ්ඩාලයන් බවට පත්වීම සාමාන්‍ය දෙයකි. සජිත්ද දැන් මොවුන් වගේම පහත් වැඩ කරන චණ්ඩාලයෙක් වී හමාරය. අංගුලිමාල මිනිසුන් 999ක් මරා රහත්වූ න්‍යායක් ඇත. ඒ න්‍යායට අනුව පමණක් මොවුන්ට නිවැරදි විය හැක. තර්කයෙන් හා වචනයෙන් ඔබ්බට යන ඒ න්‍යාය මෙහි විස්තර කල නොහැක. ඒ හේතුව තිබේනම් පමණක් මොවුන් නිවැරදි වනු ඇත. මොවුන්ට නොරැවටෙන බුද්ධිමතුන් මෙන්ම මොවුන්ට රැවටෙන මෝඩ රැලක්ද සිටින බැවින් ඉදිරි ජනපතිවරණය ගැන හිතා කටයුතු කළයුතුව ඇත. සජිත් ජනපති අපේක්ෂකයා වුණොත් පාවෙන ඡන්ද නොලැබෙන බැවින් පරාජය වනු නියතය. නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ඇති දේශපාලන පරිණත බවින් හා පළපුරුද්දෙන් උපරිම වූ ලොව කිසිවෙකුට නොදෙවෙනි රාජ්‍ය තන්ත්ර ඥාණය ඇති රනිල්ට සජිත්ට වඩා පාවෙන ඡන්ද ඇත. එජාපයට දෙන අය කව්රු ආවත් පක්ෂයට දෙති. එ්නිසා රනිල් සජිත්ට වඩා සුදුසුයි.
පක්ෂයක් තුල විනයක් තිබිය යුතුයි. විනයක් නැති මිනිසුන්ට රටවල් බාර දුන්නාහම නියමෙට හිටියි. මේ සේරම එලවා දැමිය යුතුයි.
අැලෝසියස්ලාට ෆුට් නෝට් ගහපු දෙන්නෙක්... මෙයාලා යුඑන්පී එකේ ෆුට් නෝට් දෙකක් වෙලා ඉවර වෙයිද?
එතකොට හලෝ ඔය පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් වෙනත් පක්ෂවලට එකතු වී ආණ්ඩුවට පරද්දන්න ඡන්දය දෙන ගුණමකුවන්ට විරුද්ධව ඔය විනය කමිටුව කිසිදු තීරණයක් නොගන්නේ අැයි? පක්ෂයේ ගරුත්වය ආරක්ෂා කරන්න...
දැන්වත් හොඳට විනයක් තියෙයිද?
එතකොට "කෙක්කෙන් බැරිනං කොක්කෙන් හරි ජනාධිපතිවරණයට එනවා" කියකියා රටපුරා යන කෙනාට විනය පරීක්ෂණ නැද්ද?
එජාපයට මරණාධාරයක් තමයි ඕනේ. ඔය කල් ඉකුත් වෙච්ච නායකයොත් එක්ක යන්න වෙන්නේ පහළටම තමයි. විනයක් ඕනේ... එ්ත් විනය තියාගන්න ක්‍රියාකාරී සාමාජිකයන් ඉන්න පක්ෂයක් තියෙන්න ඕනේ...
එජාපයේ අවුල රජය අධ්‍යාපනය, සෞඛ්‍ය , නිවාස, මහනගර සංවර්ධන ඇතුළු විවිධ අංශවල සිදුකරන සංවර්ධන වැඩ කටයුතු සම්බන්ධව මහජනතාව මොනම අයුරකින්වත් දැනුවත් කිරීමක් කර නැති එකයි. අර කතාවක් තියෙනවනේ “ දේවාලේ පිං කැටයට පොඩි සල්ලි දානවා නම්, දෙවියන්ට ඇහෙන්නට හොඳට සද්දෙට දැමිය යුතුයි ” කියලා. ඒකතමයි දැන්වත් එජාපයට කරන්න තියෙන්නේ. ඒ අතරේ " ජනාධිපති අපේක්ෂකත්වය ඕනෑනම් එජාප පෙරමුණේ සුළු ජාතික පක්ෂවල සහාය තමන්ට ඇති බව ඔප්පු කරන ලෙසට" රනිල් සජිත්ට කීවාලු. ඉන් පස්සේ මෙච්චර කාලයක් " ඔබතුමන්ලා ඒ උතුම් තනතුරෙහි වගකීම මට බාරදුන්නොත් " කියමින් සිටි සජිත් ප්‍රේමදාස දැන් දැන් රැස්වීම් වලදී " පදවි ප්‍රාප්තිය " ගැන කතා කරන්න පටන් අරගෙන නේද? ඒ කියන්නේ වැඩේ හරි වගෙයි. ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය ගැන මත වීමසීම කල් දැම්මේ සජිත්ට ජනපති අපේක්ෂකත්වය ලබාදීම කල් ගිය නිසාදැයි සමහරු අහනවා. "සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණහොත් ඔහු සමඟ සංධානයක් ඇති කරගනිමින් ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීමටත්, එසේ නොමැති වුවහොත් 2020 මැයි වනතුරු ධුරකාලය පවත්වා ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමටත්" ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් කියනවා.
ඉතින් Rani, පක්ෂයේ නායකයා නම් මොකද බය? ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතුව එක එක්කෙනාව දාන්නේ අැයි?
එදා රාජපක්ෂලාගේ දෑත ශක්තිමත් කරන්න ගිහින් ඇමතිකම් අරගෙන 18 වන ව්‍යවස්ථාවට අත් 2ම උස්සපු 17දෙනාට කෝ විනය පරීක්ෂණ..? මේක යකාගේ පක්ෂයක්නේ යකෝ.
ඡන්ද කාලේ පිස්සු වැඩ එපා..
රනිල් පක්ෂ නායකයා වුණාට පසුගිය අවුරුදු 15න් පස්සේ කිසිම ජනාධිපතිවරණයකට මුහුණ දුන්නේ නැහැ. පොදු අපේක්ෂකයෙක් දමලා ඇඟබේරා ගත්තා. දැන් ඔය ඇති තරුණයින්ට තැනක් දීලා ගෙදර යන්න.
කමෙන්ට් දාන මිනිස්සුත් දැක්කා. නමුත් බමුණා වගේ සහෝදර සමාගමට කඩේ යන කෙනෙක් නම් දැකලා නැහැ ...
රනිල් ගැනවත්, දේශපාලනය ගැනවත් නොදන්නා කොහෙවත් යන හාල්පාරුවන් රනිල් එලවන්න හදනවා. සමහර මිනිස්සු රනිල්ට විරුද්ධවත් වැඩකරලා, රනිල්ට පක්ෂවත් වැඩ කරලා, රටේ උන්නතියට කටයුතු කරන්නේ කවුද? රට, ජාතිය ඇත්තටම රකින්නේ කවුද? නියම බෞද්ධාගමිකයා කවුද, රටේ ආර්ථිකය ගොඩගත හැක්කේ කාටද කියන කාරණය හොඳට දන්නවා. ඒ නිසා ඔය බයිලා ගහන අයට කියන්නේ එකඑකාගේ කොන්ත්‍රාත්තුවලට කතා කරන්න එපා. රට ගැන හිතලා වැඩකලේ කවුද කියන දේ හිතන්න කියලයි අපි කියන්නේ... රනිල් නැතිවුණු දවසට මේ රටට හරි හමන් නායකයෙක් නැතුව අඳුරේ ගිලෙන්න වෙනවා. එදාට ගොඩක් පරක්කු වෙයි.