(රේඛා තරංගනී ෆොන්සේකා)
මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග අපරාධ රැසකට සම්බන්ධ බව කියන ‘‘අඟුලානේ මද්දා‘‘ නමැත්තා මොරටුව කල්දෙමුල්ල සී.පීද සිල්වා මාවතේදී අද (30)අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොහු පාතාල කල්ලියකට සම්බන්ධ බව සඳහන් කරන පොලිසිය අත්අඩංගුවට ගත් ජීව අත් බෝම්බය කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසීය.
අත්අඩංගුවට ගත් ජීව අත්බෝම්බය කිසිවකුටත් හානි කිරීමට නොව විරුද්ධ පාර්ශවයක අයකු බියගැන්වීමට ගෙන ගිය බව සැකකරු පොලිසයට කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd