IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අඟුලාන පොලිසියේ මහ රෑ මහ යුද්ධයක්

(රේඛා තරංගනී ෆොන්සේකා සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ජංගම දුරකථන ආරවුලක් දුරදිග යාමෙන් අඟුලාන පොලිසියට බීමතින් පැමිණි දෙදෙනකු එහි කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිය දී ඔවුන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් පැමිණ ඔවුන් රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

එසේ රැගෙන යනු ලැබූ සැකකරුවන් දෙදෙනා කළුබෝවිල රොහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ‘ජොන්ටියා’ සහ ‘කලයා’ නමැති දෙදෙනකු බව පොලිසිය කියයි.

මේ අතර සැකකාර ජොන්ටියා සහ කලයා අතර පොලිසියේ දී ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට මැදිහත්ව පහර කෑ පොලිස් සැරයන්වරයකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට (25) ඇතුළත් කළ බව පොලිසිය කියයි.

ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලිසියේ ආරක්ෂාව තර කිරීමට අවට පොලිසිවලින් ද පිරිස පෙරේදා රාත්‍රියේ කැඳවූ බව අඟුලාන පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වූ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනාගේ ඥාතීන් යයි කියා ගන්නා විසි දෙනකුගෙන් යුත් පිරිසක් පොලිසියට පැමිණ සැකකරුවන් රැගෙන ගොස් ඇති අතර පොලිසිය සැකකරුවන් දෙදෙනාට පහර දුන්නේ යැයි කියමින් ඔවුන් දෙදෙනා ද ලුනාව දිස්ත්‍රික් රෝහලට ඇතුළත්ව ඇත.

පොලිසියේ රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සැකකරුවන් දෙදෙනා ලුනාව රෝහලෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කරනු ලැබ සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

 



අදහස් (1)

අඟුලාන පොලිසියේ මහ රෑ මහ යුද්ධයක්

සෙනෙවිරත්න Tuesday, 27 December 2022 05:44 AM

අරගල කාරයො නැත්නම් ජවිපෙ තමයි ඔය ,මම මේ එස් බී කතා කරන්නෙ.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site