(පද්මසිරි ගාර්දියවසම්)     

හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි . 

පලාගිය රැදවියා ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 06 පදිංචි කරුවෙකි . ඔහු මංකොල්ලකෑමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු බව පොලිසිය පවසයි .

පලාගිය රැදවියා අත් අඩංගුවට ගැනිමට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිළධාරින් හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර පොලිසි සමඟ එක්ව පරීක්ෂණ පවත්වති .