IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අඟුණුකොලේ බන්ධනාගාරයට වෛද්‍යවරයකු නෑ

(යොහාන් භාසුර)

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට එකම වෛද්‍යවරයකු හෝ නොමැති වීමෙන් එහි රඳවා සිටින රැඳවියන් 1,500 කට අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම බන්ධනාගාරයේ සේවය කරමින් සිටි එම වෛද්‍යවරිය මීට මාසයකට පමණ පෙර එහි අධිකාරීවරයා බැන වැදුනේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් සේවයෙන් ඉවත්ව ගිය බවත් ඉන් පසුව කිසිඳු වෛද්‍යවරයෙක්ගේ සේවයක් ලැබී නොමැති බවත් වාර්තා වේ.

හදිසි රෝගී තත්වයන්ට පත්වන රැඳවියන් අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ද, සෙසු රෝගීන් තංගල්ල සහ හම්බන්තොට රෝහල්වලට යොමු කරන බවත් මෙම තත්වයෙන් රැඳවියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එම බන්ධනාගාරයට වෛද්‍යවරුන්ගේ සේවය දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්න ද මේ දක්වා වෛද්‍යවරු අනියුක්ත කර නොමැති බවය.

 



අදහස් (0)

අඟුණුකොලේ බන්ධනාගාරයට වෛද්‍යවරයකු නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site