(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අගෝස්තු 13 වැනිදා බොරතෙල් නැවක් ලංකාවට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම බොරතෙල් නැව පැමිණි පසු සපුගස්කන්ද පිරිපහදුව නැවත ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා කීය.

27/2 යටතේ අතුරලියේ රතන හිමියන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.