IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


අගවිනිසුරු ගිය රථ පෙළ විඩියෝ කළ අයකු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ගමන්ගත් මෝටර් රථය හා  ආරක්ෂක  රථ පෙළ වීඩියෝගත කළ බව කියන පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියකු ලබන  10 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය .

සැකකරු බන්ධනාගාර නිළධාරීන්  මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.

අගවිනිසුරුවරයා සිය ආරක්ෂක නිලධාරීන්ද සමග කොළඹ ග්‍රෙගරි ප්‍රදේශය වෙත ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී එම ප්‍රදේශයෙහි නිවසක  සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු අගවිනිසුරුවරයා ගමන් ගත් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂක රථය  ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට හා සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

සැකකාර පුද්ගලයා වීඩියෝ ගත කළ දර්ශන වෙනත් පාර්ශවයක් වෙත යවා තිබේද එසේ යවා තිබේ නම් කුමන හේතුවක් නිසාද යන්න යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා  විමර්ශන සිරු කරන බව පොලීසිය කරුණු දක්වමින් පැවසීය.



අදහස් (3)

අගවිනිසුරු ගිය රථ පෙළ විඩියෝ කළ අයකු රිමාන්ඩ්

කපුරුහාමි Monday, 08 September 2025 06:11 PM

හිටපු දූෂිත දේසපාලුවෝ හුගක් දෙනෙක් දැන් කුලප්පු වෙලා, බය වෙලා, කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්නේ, මොනවා කරන්න හිතාගෙන ඉන්නවාද කව්ද දන්නේ? සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කරවලා පුරුදු වෙච්චි අයනේ...

:       0       0

chandima Monday, 08 September 2025 10:41 PM

අගවිනිසුරුතුමා රාජකාරි වෙලාවේ මොකට පාරදිගේ ගියාද මම අහන්නේ?

:       0       0

maalaka Tuesday, 09 September 2025 05:45 AM

හොද සෝදිසියෙන් ඉන්න... අපරාධකාරයෝ දැන් පිස්සු වැටිලා ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site