(ආරියරත්න රණබාහු)
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ අද (1) පස්වරු 3.00ට පමණ කැස්බෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි කැස්බෑව පොලීසිය පවසයි.
උන් වහන්සේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි තම විහාරස්ථානයේ සිට හොරණ කුඹුක ප්‍රදේශයේ විහාරස්ථානයක සවස 5.00 ට පමණ පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
කැස්බෑව, සුපිරි වෙළඳසැලක් ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර, උන් වහන්සේ ගමන් කළ රථය තවත් මෝටර් රථයක් හා ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
උන්වහන්සේගේ තත්වය බරපතල නොමැති බව වාර්තා වේ.
පිළියන්දල සිට කැස්බෑව ප්‍රදේශයට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් රියදුරුට සිදුවූ අත්වැරැද්දකින් අගලකඩ සිරිසුමන හිමියන් ගමන් කළ රියෙහි ගැටී ඇති අතර, මෙම රථ දෙකම සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථ වේ.
රථ දෙකටම බරපතල හානි සිදුව ඇත. කැස්බෑව පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
සුඛෝපභෝගි රථයක් නිසා රියදුරුට සිදුවූ සුලු අත්වැරැද්දක් කියනවා ට්‍රැෆික් සාජන්ගේ යහලුවෙකුගේ නම් නින්ද ගියා කියනවා දේශපාලන ගැත්තෙකුගේ නම් මගියා වැරදි කාරය කරල රියදුරු නිදොස් කොට නිදහස් කරන්නෙ පොලිසිය තමයි. ඕක තමයි අපේ හැදියාව.
ඔහුට ඉක්මන් සුවය.!!!
ඔබවහන්සේට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණින්.
නිවන් සැප ලැබේවා !