IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අගමැතිනිය ප්‍රංශයට යයි

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය 'යුනෙස්කෝ'හි ඉහළ පෙළේ සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා අද (31) පිටත්ව ගියාය.

අග්‍රාමාත්‍යවරිය ‘යුනෙස්කෝ‘ මූලස්ථානයේදී  එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩි්‍ර අසූලේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසිවාරයකට හෙට (1) සහභාගී වීමට නියමිතය.

යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන මෙම සමුළුව, අතිවිශාල සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති ‘යුනෙස්කෝ’ ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසාර උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයන් එක්රැස් වී පවත්වයි.

සමුළුවට සමගාමීව, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතය.

අග්‍රාමාත්‍යවරිය සමග ශ්‍රී ලාංකික දූත පිරිසට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද ඇතුළත් වෙති.



අදහස් (6)

අගමැතිනිය ප්‍රංශයට යයි

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Monday, 31 March 2025 07:12 PM

ප්‍රංශයේ බෝයිස්ලා හිඟයක්ද? තකහනියක්ම ආවේ...?

:       36       13

Nandana Monday, 31 March 2025 07:41 PM

බ්‍රෑන්ඩ් බඩු ටිකක් අරන් එන්න.

:       30       11

Asela Monday, 31 March 2025 07:52 PM

කාන්තා අගමැතිනියක් ලෙස, බීමත් සැමියා විසින් අනෙකුත් දුප්පත් කාන්තාවන්ට කරන හිරිහැර නතර කිරීමට, වෙනත් වැරැදිකරුවන් සහ අපයෝජකයින් විසින් හිරිහැර කිරීම, අරාබියේ වහල්භාවය නියාමනය කිරීමට සහ අවම වශයෙන් කාන්තාව සඳහා කැප වූ බස් සේවා දායකයෙකු ලබාදීමට පවා නොහැකි වීම ගැන මෙම කාන්තාව ලැජ්ජාවට කරුණකි. ඇය විවිධ කාරණා සමඟ කාර්යබහුලයි. ඒ නිසා මම මේ දවස්වල අගමැතිනිය ලෙස මේ කාන්තාවට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන ලෙස හෝ එය කඩිනම් කරන ලෙස පවසමි. වහලුන්ට ප්‍රශංසා කළ හැකි නම් කිරීමට ඇය කිසියම් සේවාවක් කර තිබේද?

:       34       20

upaliTuesday, 01 April 2025 11:04 AM

එයා ඔෆිස් එකේ දවස් කීයක් ඉන්නවද කියලා ඔයා දන්නවද? බුද්ධිමත් දෙයක් කියන්න......

:       1       8

Kotabenaris Tuesday, 01 April 2025 01:21 AM

අපේ සල්ලි වලින් රවුම් ගහනවා නේද

:       1       0

prasanna Tuesday, 01 April 2025 10:53 AM

හොඳ තාච්චි තියනවා ප්‍රංශයේ

:       7       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 958 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site