(නුවන් කුමාර)
එක් එක් කෙනාට බෝලය පාස්නොකර ජනාධිපති වගකීම බාරගෙන ධුරයෙන් යා යුතු බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.
යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න දැඩි කැපවීම් කරලා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළා. ඒ පක්ෂය වටේ ඉතා කෙටි කාල සීමාවක් තුළ අතිවිශාල පිරිසක් එක්වෙලා 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණය ජයගත්තා.
ඊට පස්සේ 2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේදී රට ගොඩ නගයි කියන දැඩි බලාපොරොත්තුව ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළා.
හැබැයි බලය ගත්ත දා ඉදලා දවසින් දවසින් ජනතාවගේ බලාපොරොත්තු කඩ කරන්න පටන්ගත්තා. ඒක තමයි මේ ව්‍යාකූල තත්ත්වයට මුල. තමන්ගේ මාපියන්ට වගේ ආදරය කරපු පක්ෂ අතහැරලා තමයි පොහොට්ටුව වටේ එකතු වුණේ. එහෙම වුණේ ලොකු විශ්වාසයක් තියාගෙන. සමහරු කියනවා ලක්ෂ 69 ජනවරම ලැබුණේ ගෝඨාභයට කියලා. නැහැ 2018 පළාත්පාලන මැතිවරණයට ඔය කවුරුවත් හිටියේ නැහැ. තනතුරු පරිත්‍යාග කරමින් කැපවීම් කරපු පිරිස නිසයි ඒක ජයග්‍රහණය කළේ.
දවසින් දවස ආණ්ඩුවට තිබුණ ප්‍රසාදය අඩුවේගෙන ගිය නිසා පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. රටේ නායකත්වය ගත්ත අදූරදර්ශි ක්‍රියාපිළිවෙත හින්දා අද රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙලා තියෙන එක රහසක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දීලා ජනාධිපති හිතනවානම් ගත්ත හොදම තීරණය ඒක කියලා අපිට හිතාගන්න තියෙන්නේ ගොවියට පොහොර නොදී රටට වුණ විනාශය වගේ එකක් කියලා. අද දේශපාලන පක්ෂ සියල්ලම අරාජික වෙලා.අපිත් මුලින් හිටියේ අරගලකරුවන් කියන එක වැරදියි කියලා.
හැබැයි දැන් අපිට තේරෙනවා අරගලකරුවන් කියන දේ නිවරදියි කියලා. රටේ ජනතාව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට යන්න කිව්වට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කරගත්තේ ජනතාවට උපදෙස් දෙන්න නොවෙයි වැටුණු රට ගොඩ ගන්න. ඒත් මෙතුමා කරන්නේ වෙන එකක්. ඒක හින්දා මම කියන්නේ මේ අගමැතිතුමත් අරගෙන ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා යැයිද හෙතේම වැඩිදුරටත් සදහන් කළේය.
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
‘‘අගමැතිත් අරන් ගෙදර යන්න‘‘
fairoos Tuesday, 14 June 2022 12:04 PM
හරියට හරි... ඉන්න සෙට් එකම තොලොංචිවෙලා ගියොත් තමයි රටට සෙත...
සිල්වා Tuesday, 14 June 2022 01:43 PM
පොහොට්ටුව බලයට පත්වුණේ උපරිම ලෙස ජාතිවාදය පාවිච්චි කරලා. රටපුරා වස පැල පැල කරලයි. එය අද භුක්ති විඳීමට සිදුවෙලා...
sharm warn Wednesday, 15 June 2022 10:59 AM
අගමැතිට නම් ගෙදර යන්න පුලුවන් වෙයි. නමුත් ජනාධිපතිට යන්න වෙන්නෙ කූඩුවට කියල දන්න නිස තමයි මෙ පොමනෙරියන් ව අගැති කරගෙන එල්ලිල ඉන්නෙ..