(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාරේ යන්න ,බෝඩ් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.ඒත් රට අඳුරේ තබන්න එපා යැයි වෘත්තීය සංගම් වලට අවවාද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
රට අඳුරේ තැබුවොත් ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්නැයි තමාට පවසන්න එපා යැයි කී අග්‍රාමාත්‍යවරයා අපට ප්‍රශ්න විසඳා ගැනීමට හදිසියක් නැත්නම් වෙනත් රටවල් උදව් කරාවි දැයි ප්‍රශ්න කළේය.
රට අඳුරේ තැබුවොත් ඉන්දියාව තෙල් දේවි යැයි වගකියන්නට නොහැකි බව කී රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට තෙල් දෙනවාට ඉන්දියාවේ සමහර අය විරුද්ධ බවද පැවසීය.
හැම වෙලාවේම ජාත්‍යන්තර රටවල් කියන්නේ 'තමුන්නාන්සේලා තමුන්නාන්සේලාට උදව් කරගන්න.ඊට පසුව අප උදව් කරන්නම්"යනුවෙන් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ හේතු ඉදිරිපත් කරන්න අගමැතිතුමෝ. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කරගෙන යන්න තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලිය බාධාවක් වෙන්නේ කොහොමද? තරගකාරී ටෙන්ඩර් ක්‍රියාවලියකින් බලාපොරොත්තු වෙන්නේ දූෂණය වැළැක්වීම. මොකටද ඒ දූෂණය වළක්වන්න තියෙන ක්‍රමය නැති කරන්න යන්නේ?
වෘත්තීය සමිතීන් පිළිබඳව ලංකාව පුරා ජනමත සමීක්ෂණයක් කළහොත් ප්‍රතිඵලය රටම පුදුම කරවනු ඇත. බහුතරයක් දේශපාලකයින් සහ වෘත්තිය සමිතීන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ජනතාව දක්වන්නේ දැඩි විරෝධයක් මෙන්ම පිළිකුලකි..!
කතාව නම් හරිම ෂෝක්. ජනතාවට ඔය කතාකරන විදියට දයා ගමගේ වගේ අයටත් කතාකරලා බැංකුවලට ගෙවන්න තිබෙන සල්ලි ගන්න. අනිත් එක බෝඩ් අල්ලාගෙන, සාමකාමී උද්ඝෝෂණ කළාට කවුරුවත් ගණන් ගන්න පාටක් පේන්නේ නෑ නේද? නැත්නම් අරගලයක් මාස ගණන් කරන්න ඕන නෑනේ...
රාජ්‍ය ආයතනවලින් ගසා කන ඉහළ තනතුරු මාෆියා කාරයින් සහ දූෂිත දේශපාලකයින් එක හා සමානය. ජනතාව මෙය තේරුම් ගත යුතුය.
ඇත්තටම දැන් ක්‍රියාත්මක වන ගෝඨා රනිල් සුසංයෝගය නිසි ලෙස කටයුතු කළොත් රට ගොඩ දා ගත හැකියි. රනිල් මහතා අගමැති වූයේ චන්ද පොරොන්දු නොමැතිව නිසා කිසිවකු සතුටු කිරීම වෙනුවෙන් ඔහු බැඳී නැහැ. ජනාධිපතිට හමුදා විනය තියෙනවා. ඔහුගේ ඉවසීමට එයත් හේතුවක් විය හැකියි. වෘත්තීය සමිතිකාරයින්ට, ජවිපෙ, පෙරටු වැනි කඩාකප්පල් කාරයින්ට යට නොවී, ඊනියා ජනතාවක් සතුටු කිරීමට සහ නැවතත් බලය ලබා ගැනීමේ අපේක්ෂාවක් නැතුව වැඩ කළොත් අද කෙසේ වුවත් හෙට දින රටට යහපතක් වේවි.
ඒ ප්‍රකාශෙ ඇති සැර ගතියක් නම් නෑ .. නරි නාවන ගතියක් නම් තියනව
ලංවිම සිපෙට්කෝ ජල සම්පාදන වැනි ආයතන වෘත්තීය සමිතිවල ක්‍රියා මාර්ග අප්‍රියජනකයි. ඔව්හු සැමදාම මහජනයා පීඩාවට පත්කරන කටයුතුවලට මුවාවී ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට කටයුතු කලා මිස මහජන සුභ සාධනය සඳහා වර්ජනය කර නෑ. සූර්ය බලය නිවාස වලට ලබාදීමට විරුද්ධ ඔය වෘත්තීය සමිතිවල කටයුතූ.ඔව්හු මහජන පීඩකයෝ රැලකි.
රටට නීති රීති එන පනත් සම්පාදනය වෙන්නේ පාර්ලිමේන්තුවේ වාද විවාද කර මිසක් කොහෙවත් ඉන්න වෘතිය සමීති කාරයෝ සමග සාකච්චා කර නොවෙයි . වෘතිය සමීති කාරයෝ දිනාගන්න හදන්නේ ඔවුනේ පහසුකම් වැටුප් වැඩිවීම් මිස ජනතාවට, රටට යහපතක් වෙන කරුණු කාරනා නොවෙයි. එමනිසා විදුලිබලය සැපයීම සැමදාටම අත්‍යාවශ්‍ය සේවාවක් කරන්න. රැකියා පත්වීම වල පොරොන්දුවෙන්නේ රජයට පක්ෂපාතීව වැඩකරනවා කියා මිසක් වෘත්තීය සමීතිවලට පක්ෂපාතීව වැඩකරනවා කියා නොවෙයි. එසේකලොත් ජනතාව 9 වෙනිදා ඇමතියන්ගේ ගෙදොරවලට කලදේ වර්ජන කරනවුන්ට කරනු ඇත.
මෙතෙක් බිහිවූ සියලුම පාලකයෝ වෘත්තීය සමිති වලට බය උනා. ටිකක් හෝ කෙලින් වැඩ කරේ ජේආර් සහ ප්‍රේමදාස පාලනය විතරයි. හැබැයි එහෙම වෘත්තීය සමිති කියන විදියට වැඩ කරල රට දියුණු උනාද?
මමත් ඉංජිනේරුවෙක්. මෙතන තියෙන්නේ වැටුප ගැන නෙමෙයි. පුද්ගලික අංශයේ වේවා රාජ්‍ය අංශයේ වේවා විශාල වැටුප් ගන්නනම් ඒ ආයතනය ලාභදායි වෙන්න ඕනි. මෙතන මෙයාල ලොකු පඩි ගත්තට විදුලි බල මණ්ඩලය පාඩුයි. මෙයාල බිලියන 250ක් හම්බකරන කොට බිලියන 500ක් ණයට ගන්නවා. මුලික පිරිවැය රුපියල් බිලියන 750. ඉතුරු බිලියන 500 හැමදාම මහා භාණ්ඩාගාරය හෝ රාජ්‍ය බැංකුවලින් ණයට ගන්නවා. එහෙම ණයට අරන් පඩි වැඩිකරගෙන බෝනස් ගන්න එක හරිද? ඉංජිනේරුවෝ කියල නමට පඩි දෙන්න බෑ. තමන් වැඩකරන ආයතනය දියුණු කරලා එකෙන් රටට ජනතාවට බරක් නොවී කෝටි ගණන් හම්බ කරලා වැටුප් ගත්තට නම් අවුලක් නෑ. ලංකාවේ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් ගුවන් සේවයේ , ජලසම්පාදන මණ්ඩලයේ , ඛනිජ තෙල් සංස්ථාවේ සේවයේ නියතු අයගේ පඩි ගෙවීම සාධාරණද ? මිනිස්සු ඒ ආයතන වලින් සේවය ලබන්නේ සල්ලි දීලා. අපි රජයට ගෙවන වක්‍ර බදු වලිනුත් මේ ආයතන නඩත්තු කරන්න වෙනවනම් රටක් දුවන්න පුලුවන්ද?
ඇත්ත . එයාල 9දා සිහියට ගත්තොත් හොඳයි .
මු අවුරුදු ගානක් අගමැති කළා දැන් පොර ටෝක්ස් දෙනවා. බැංකු හොරා මු ජාතියන්තරෙන් කළේ ණයට කාපු එක හා රටේ බැංකු සුද්ද කරපු එක
US AMBASSADOR TO SRI LANKA JULIE CHUNG JOINS INDEEWARI AMUWATTE AT HYDEPARK ON ADA DERANA 24 ඇමෙරිකානු තානාපතිවරිය JULIE CHUNG HYDEPARK ON ADA DERANA සමග පැවැත්වූ සවිස්තර සකජාවේදී තානාපතිවරිය විසින් බොහෝ කරුණු පවසනලදී . විශේෂයෙන්ම ඇමෙරිකවෙන් සහ වෙනත් ගෝලීය ආයතන මගින් ලංකවට ලබාගත හැකි UNLIMITED HELP පිලිබදව සහ රටක් වසයෙන් එම විද්ශීය සහයෝගය ලබාගැනීමට නම් කලයුතුවන්නේ කුමක්ද යන්නත පැහැදිලි කරනලදී. IMF, WORLD BANK, UN සදහා වෙනත් දියුණු රටවල මෙන්ම ඇමෙරිකානු ජනතව රජයට ලබදෙනාවූ TAX මගින් ඇමෙරිකාව MAIN Contributor වසයෙන් සියලු ගෝලීය ආයතන වෙත මුදල් ආධාර ලබාදේ. ලොවපුරා නොදියුණු රටවල් සදහා එම මුදල් පරිත්‍යාගයන් ලැබේ. MMC ගිවිසුම මගින් ලංකාවට ලැබීමට තිබු පරිත්‍යාග රට බෙදීමට ලබාදෙන බව අන්තවාදී දේශපාලකයන් පැවසීම නිසා ඇමෙරිකාව විසින් වෙනත් රටකට ලබාදී තිබේ.
ඇමෙරිකානු තානාපතිවරිය JULIE CHUNG නුවර දළදා මාලිගාවට සංරක්ෂණය සදහා පවා පරිත්‍යාගයන් කර තිබෙන නිසාත් ඇයගේ Asian roots නිසාත් බොහෝවිට ඇය බුද්ධ දර්ශනය පිලිබදව අවබෝදයක් තිබෙන්නට හැකියවක් පවතී. මෙවැනි වැදගත් තොරතුරු සහිත සකජාවන් මගින් එම තානාපතිවරුන් විසින් ලබදෙනාවූ පණිවුඩය රටේ බහුතර පුරවැසියන් වෙත ලැබීමට නම් එම සාඛච්චා සදහා සිංහල දමිල උපසිරැසි (Sinhala / Tamil subtitles) යොදාගත යුතුවේ. අන්තවාදී දේශපාලකයන් විසින් සමාජයට පුරවැසියන් වෙත ලබදෙනාවූ වැරදි තොරතුරු සහ බොරු තොරතුරු වලක්වාගැනීමට නම් Sinhala / Tamil subtitles යොදා ගැනීම වැදගත්වේ
මිලියන 7000 system එක ගන්න දත්ත මකල දාන ගේමක්. 34,624 views Jun 9, 2022 e wis සභාපති සංජීව වික්‍රමනායක චමුදිත සමරවික්‍රම සමග( Sanjeewa Wickramanayake, Chairman of the EWIS Group On Truth with Chamuditha) පසුගියදා COPE කමිටුවේ මගින් චෝදනා ලද IT System ගනු දෙනුව පිලිබදව ත්ව්වදුරටත් සියබලිය යුතුවේ. COPE කමිටුවේ ප්‍රසන කිරීම් මුදල් ගනුදෙනු, ගිවිසුම්, වෙනත් contracts, services සදහා පමණක් සීමාවී තිබේ. COPE කමිටුවේ සිටිනුයේ IT System implementation හෝ Software Industry
පරීක්ෂණය කලයුතු උවත් out of box questions කිරීම සිදුවන්නේ නැත. සත්‍ය වශයෙන්ම ගනුදෙනුවක් සිදුව ඇතත් COPE කමිටුවේ සාමාජිකයන් තාත්ෂණිකදේ නොදැම පරීක්ෂණ නිසි ආකාරව සිදු නොවේ. (මේ පිලිබදව තොරතුරු තාත්ෂණික පද්ධතිය ක්‍රියාත්මක කිරීම හෝ මෘදුකාංග කර්මාන්තය)
මිලියන 7000 system එක ගන්න දත්ත මකල දාන ගේමක්.ඖෂධ මාෆියාව මගේ කට වහන්න බලපෑම් පිලිබදව පැහැදිලි පිළිතුරු ලබද්දීමට/ සභාපති සංජීව වික්‍රමනායකයට නොහැකිවිය. රාජ්‍ය ආයතන බොහොමයක් මේවනවිට EWIS Group සමගම මගින් සේවය ලබාගන්න නිසාත් ඔවුන් මත රැදී සිටින නිසා රජයේ ආයතන mislead කර මුදල් ලබාගැනීමට ඔවුනට ඉතාම පහසුය. ඉක්මන්වී අලුත් IT System implementations