
(අංජුල මහික වීරරත්න)
සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සහල් මෝල් හිමියන් මුහුණ දෙන මූල්‍ය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.
සහල් මෝල් හිමියන්ට ණය ලබා දීමේදී රජයේ මූල්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ණය දීමට කටයුතු කරන ලෙස රාජ්‍ය බැංකු වලට දැනුම් දුන් අග්‍රාමාත්‍යවරයා ණය ලබා දීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙස මහ බැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කීවෙි සහල් මෝල් හිමියන් ඉල්ලා සිටින ණය පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා නොදීම මෙන්ම සහල් තොග සඟවා ගැනීම් ද වාර්තා වන බවයි.
මෙම සාකච්ඡාවට රාජ්‍ය සහ වාණිජ බැංකු නියෝජිතයින්, මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීහුද සහභාගී වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට කෙසේ වෙතත් මෙයාට ඩඩ්ලිලාට කිට්ටුවෙන්න හම්බ වෙන්නෙ නැහැ. ඒකයි තිත්ත ඇත්ත.
තොග රැස් කරන මිනිස්සු අල්ලන්න කලින් හාල් තොග තියාගෙන මිල පලනය අතට ගත්ත මොල් කරයන්ගෙ මාෆියව නවත්තල පෙන්නපන් ගොබ්බ රනිල්. . රාජපක්ශල එක්ක එකතු වෙලා බොරු නාඩගම් වලින් රට තවත් අවුල් කරන්නෙ නතුව කරන්න පුලුවන් එවුන්ට කරන්න දීල අයින් වෙල ගෙදර යනව මිනිහො..
පිටකොටුවේ කඩේකට ගිහින් මාධ්‍ය සංදර්ශනයක් නම් කරන්න එපා ඔන්න. අපි ඒවා දැකලා තියෙනවා...
අගමැති තුමනි කිසියම් හෝ රටක් සමග සහල්-රබර්, සහල්-තේ වැනි ගිවිසුම් ඇති කර ගැනීමට වැඩ පිළිවෙලක් යොදා ගන්න පුළුවන් නේද.
සහල් මාෆියාවට වැට බදිනා ඔහු මහ බැංකු වංචාවට දොරටු විවර කලේය. අද අප අත් ව්දිනා අර්භූදයේ ප්‍රධාන කොටස් කරුවකි. රාජපක්ෂලාගේ මැදමුලන ගුබ්බෑයමේ වත්මන් කසල සෝදකයායි.