(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති මතය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත දන්වා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
අදාළ කාරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා නීතිපතිවරයාගෙන් කළ විමසීමකට අනුව නීතිපතිවරයා සිය මතය දන්වා එවා ඇත.
ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාට දන්වන ලද නීතිපති මතය මෙසේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත් ,ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වෙි. එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක් ද එම අනු ව්‍යවස්ථාව යටතේ දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාවේ හිස් වූ ජනාධිපති ධුරය අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් කරගන්නා ආකාරය සඳහන් කර ඇත.
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපති ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කළ යුතුය. එසේ පත්වන ජනාධිපතිවරයා ධුර කාලයෙන් ඉතිරි කාලය සඳහා පමණක් ධුරය දැරිය යුතුය.එම තෝරා ගැනීම ජනාධිපති ධුරය හිස් වී මාසයකි ගතවීමට ප්‍රථම සිදුකළ යුතුය. ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වා වැඩි ඡන්දයෙන් තෝරා පත් කළ යුතුය.
ජනාධිපති ධුරය පුරප්පාඩු වූ දා සිට නව ජනාධිපතිවරයකු පත් වන තාක් අතරතුර වූ කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනු ඇත. පත්වූ නව ජනාධිපතිවරයා එවිට අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු වන කෙනෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතුය.
මෙම කාරණයේදී 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනත ද අදාළ වන බව නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූරය හිස් වූ වහාම ජනාධිපතිවරණ පනතේ තෙවන වන වගන්තිය ක්‍රියාත්මක වෙි. ඒ අනුව ජනාධිපති ධූරය හිස් වූ පසු දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුව රැස් කළ යුතුය. එසේ පාර්ලිමේන්තුව රැස්වූ විට දී ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතුය. ඒ රැස්වීම් දිනයේ සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක තමා විසින් නාමයෝජනා බාර ගනු ලබන දිනයක් හා වේලාවක් නියම කළ යුතුය.
එසේම මෙම කාරණයේ දී ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම යන අංක 7 දරණ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයටද නීතිපතිවරයා විසින් අවධානය යොමු කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ඉල්ලා අස්වෙනවාකිව්වේ වැරදීමකින්. ජනාධිපති දිගටම ඉන්නවා.
ජනාධිපති ධුරය පුරප්පාඩු වූ දා සිට නව ජනාධිපතිවරයකු පත් වන තාක් අතරතුර වූ කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බලනු ඇත, ජනාධිපති ධුරය සදහා වර්තමාන පාර්ලිමේන්තුවේ සුදුසුම පුද්ගලයා වනුයේ, ( ජේ ආර්, ආර් ජයවර්දන, ප්‍රේමදාස, ඩී බී විජේතුංග, චන්ද්‍රික කුමාරණතුංග, මෛත්‍රිපාල සිරිසේන, ගොටබය රාජපක්ෂ ) ජනදිපතිවරුන් 6 දෙනෙකු සමග වගකීම් සහිත තනතුරු දරාතිබෙන, නියෝජ්‍ය ඇමතිවරයාගේ සිට , ඇමතිවරයකු , සබා නායකවරයා, විපක්ෂ නායකවරයා අගමැතිවරයා දක්වා තනතුරු හොබවන ලද, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුගමනයකරනාවූ වර්තමාන අගමැති රනිල් වික්රකමසිංහ මහතා වේ.
අයින් වුණාම වෙනත් කෙනෙක් පත්කරන එක ඇත්ත. ඒත් අතරමැදි කාලෙට වැඩ බලන්නේ කවුද? අන්න එතැනදිනේ සුබ සහ යස පෙන්නන්නේ...
මැරෙන්න කළින් එක තත්පරයකට හරි ඔටුන්න දාගන්න ලැබුණොත් උඩු යටිකුරු කරලා පෙන්නනවා ඇතිද?
ඔය නීති පොතේ කොතැනක හරි තියෙනවද රටේ මහජනයා විසින් ජනාධිපති එළෙව්වම ගන්න ඕනෑ පියවර... එහෙම කියැවිලා නැතිනම් තවදුරටත් ඔය පොත පෙරල පෙරලා ඉන්න එකේ වැඩක් තියෙනවද? කරුණාකර මහජන මතයට ඉඩදෙන්න...
ජනාධිපති සහ අගමැතිවරයා 2 අස් වුණවිට නීතිය කුමක්ද කියා නීතිපතිවරයාගෙන් විමසා බලන්න පුළුවන්