(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
අත්අඩංගුවට පත් වූවන් අතර වයස අවුරුදු 19 ක ගල්කිස්ස පදිංචිකරුවෙක්
එමෙන්ම වයස අවුරුදු 24 හා 28 පසුවන ගාල්ල පදිංචිකරුවන් දෙදෙනකු වන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය මගින් තවදුරටත් විමර්ශන සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ දේපල රනිල්ගේ නොවේ. ඒක කොළඹ පාසල් දරුවන්ට තෑගිකර දී ඇති දේපලකි. එමෙන්ම පුස්තකාලයකි. මේ වැඩේ කරපු කවුරු වුණත් දැඩි දඬුවම් දිය යුතුම වේ. අරගලය මුවාවෙන් මෙවැනි මෝඩ, තකතීරු වැඩ කරන අයටත්, කරන්න ඉන්න අයටත් මතක හිටින දඬුවමක් දිය යුතුයි. මෙවැනි අමන ක්‍රියාවන් නිසාවෙන් දිනාගත් අරගලයේ වටිනාකමත් අඩුවිය හැකිය...
කවුරු කරත් මේ වැඩේ වැරැදියි.
ඔතන පුස් පාට් දාලා මාධ්‍යවේදීන් පලවාහැරි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රමුඛ නඩයට නොපෙනී එවැන්නක් සිදුවිය නොහැකිය...
එවුන්ගේ පමණක් නොවෙයි, ඔවුන්ගේ මහ එවුන්ගේ අධ්‍යාපන මට්ටම් මොනවද කියලා ජනතාව දැනුවත් කරන්න. එවිට රටේ විනාශ කරන්නෝ හඳුනාගන්න පුළුවන්... ඔවුන්ගේ නම් ගම් අවශ්‍ය නැහැ... කවුරු නමුත් ජාතික දේපළක් වීමට තිබුණු දෙයක් විනාශ කිරීමට රජකාලේ දඬුවම් දීමට හැකි නම් හොඳයි...
"ගලක් වත් ගහන්න එපා කියලයි අණ දුන්නේ නම්...." "ඔව්, ඒ ප්‍රසිද්ධියේනේ කිව්වේ..."
ඔච්චර හොයන්න දෙයක් නැහැ. ජේවීපී, පෙරෙටු, අන්තරේ සෙට්එක ගිනි තියන්නේ....!
වැරදි වලට දඬුවමක් නැති රටක අසීලාචාර, නොහික්මුණු මිනිසුන් තමන්ට ඕනඕන දේ කරනවා. හැබැයි කර්මය දඬුවම් දෙන දවසට අද අත්පුඩි ගහන අය ළඟ නොසිටීවි...
මේ සියලු දෙනාම නිදොස්කර නිදහස් කළ යුතුයි...! අපේ රට බේරගන්නයි අපි මොවුන්ගේ ගෙවල්වලට ගිනිතිබ්බේ...!
ජේවීපී ගිනිතියන හමුදාවේ වැඩ...!