(නිමන්ති රණසිංහ)
අරගලය පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නැයි චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) යළි කැදවූ අවස්ථාවේදී බන්ධනාගාරය මගින් සැකකාර ශ්‍රී රංගා මහතා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මෙම නියෝගය නිකුත් විණී.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පස්වැනි පටුමගේ පෞද්ගලික නිවසට’ පහර දීමට පෙර එදින සවස් වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර, එහි මූලිකත්වය ගෙන ඇත්තේ මෙම සැකකරු සහ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරාගේ පුත්‍රයා බවත් එම සැකකරු මේ වන විට මෙරටින් පැනගොස් ඇති අතර ඔහු මෙම නඩුවේ පස්වැනි සැකකරු වශයෙන් නම්කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අගමැති රනිල්ගේ ගෙට ගිනි තැබුවැයි මන්ත්‍රී රංගාට ඇප
දාස Thursday, 04 May 2023 05:26 AM
හැම අපරාදෙකටම හේතුව ජ වි පෙ බව කියන පාර්ලිමෙන්තුවෙ ඉන්න සැප ගන්න ගොබිලො ටික ඔය දේත් ජ වි පෙ බැර නොකල එක ගැන පුදුම හිතෙනව.
Perera Thursday, 04 May 2023 08:50 AM
ඔවු ඔවු අපිත් දැක්ක TV එකෙන් , ශ්‍රී රංගා පොලීසියෙත් සහාය ඇතිව රනිල්ගෙ තාප්පෙන් ඒහාට පනිනව ගේ ගිණිතියන්න.