
පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු මෝදිගේ පළමු විදෙස් සංචාරය මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වන 11 වැනි අවස්ථාව මෙය වන අතර, නරේන්ද්‍ර මෝදි ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස, ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන්නේ 5 වැනි වරටය.
සමුළුවට සමගාමීව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මෙලෝනී ද හමුවීමට නියමිතය.
‘ජී7’ සමුළුව පැවැත්වෙන්නේ ඉතාලියේ ඇක්විලා පළාතේ, බෝගෝ එග්නාසියා නමැති සුඛෝපබෝගී නිවාඩු නිකේතනයේය. ‘ජී7’ රටවල් වන්නේ ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජපානය සහ ඉතාලියයි. ඉන්දියාව ‘ජී7’ සමුළුවට සහභාගී වන්නේ සාමාජික රටක් නොවුණත්, ‘ජී7’ කණ්ඩායමට වැදගත් රටක් ලෙසය. ඉන්දියාවට අමතරව තවත් රටවල් කීපයක් ද සමුළුවට එක්වෙයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
102
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2031
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති මෝදි ‘ජී7’ නායකයෝ හමුවෙයි