( තිළිණි ද සිල්වා සහ සුජිත් හේවාජූලිගේ)
දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 19 වැනි දා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.
බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර් රහමන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරතවීම සිදුවන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරතවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැත්ත බුරුත්ත අරන් යන්නේ නැත...
දැන් මේ ගොල්ලන්ට වෙන රටවලට යන්න බැරිවෙලා තියෙන්නේ . චීනයට ,රුසියාවට , උතුරු කොරියාවට ,බංගලි දේශයට ,නේපාලයට . වගේ ලෝකයෙන් කොන්වෙලා සිටින රටවලට පමණයි යන්න පුළුවන්.
එහෙනම් ඒකයි මේ නීරෝධායන නීති වෙනස්. ඩිප්ලොමැටික් උදවිය දවස් 4 ඇතුලත ගිහින් ආවොත් නීරෝදායන මධ්‍යස්ථාන වලට යන්න අවශ්‍ය නැහැ ගෙදර යන්න පුලුවන් කිව්වෙ. මම දෙසැම්බර් මාසෙ ලන්කාවට ආව මෙහෙන් පැය 72ක් ඇතුළත පී සී ආර් එකයි කටුනායකට බැහැපු ගමන් එකයි හෝටෙලේ නතරවෙලා දවස් 10කට පසු එකයි හෝටල් ගාස්තු ටිකට් එකට මේ ඔක්කොම වියදම් එකතුව 284000යි. ආපසු යනවිට 85500යි. ලන්කාවට ඇවිත් යන්න මුලු වියදම 370000. දුක් මහන්සියෙන් හම්බකරපු මුදල්