(නිමල කොඩිතුවක්කු)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් සිදුකළ ගිනි තැබීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එකී සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
"ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සහ සාධාරණත්වය රජයන සමාජයක් වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව පුරවැසි අරගලයකට එක්වූ අතර එහි උදාර අරමුණු කිසිම විටක පාවා නොදෙන්නට තරම් ඔවුන් විනයගරුක හා ශිෂ්ට සම්පන්න වූ බව අප තිරව විශ්වාස කරමු.
එහෙත් එකී අරගලයට මුවාවී,කිසියම් අවස්ථාවාදී සහ කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදු කරනු ලබන දේපල විනාශ කිරීම්,ගිනි තැබීම් සහ ජනජීවිත ව්‍යාකූල කරවන සුළු සිදුවීම් වලට අපි කොන්දේසි විරහිතව එරෙහි වෙමු.
පසුගිය දින කිහිපය තුළ, අරගල කරුවන්, මාධ්‍යවේදීන්,සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසකට ද ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වූ අතර ඒ පිළිබඳව ද පුළුල් පරීක්ෂණ පැවැත්විය යුතු බව අපි අවධාරණය කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය දුටු එංගලන්තයේ සංචාරක ගුවන් සේවයක් ලංකාවට 18 වැනිදා තෙක් සියලුම ගුවන් ගමන් යාම තහනම් කරලා..! රටේ බයානකකම මෙයින් පෙනේ...!
ඔබේ ප්‍රතිචාරය පරක්කු වැඩියි. රෝහල්ගත වුණේ මොකටද කියලා අහගන්න එපා....