(විමුක්ති එස් රුද්‍රිගු)
චීන අග්‍රාමාත්‍ය ලී චෑන්ගේ ආරාධනාවක් මත ලබන 25 සිට 30 දක්වා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ නිල සංචාරයක නිරත වන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ලී ජියැන්ග් ඊයේ(23) ප්‍රකාශ කළේය.
දින 5 ක නිල සංචාරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීන ජනාධිපති ෂි ජින්පින් මුණගැසෙනු ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා දෙරටට වැදගත්කමක් ඇති ද්වි පාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.
එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සාම්ප්‍රදායික මිතුදම ශක්තිමත් කර ගැනීම සම්බන්ධවත් දෙරට අතර සහයෝගිතාව සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තර කර ගැනීම පිළිබඳවත් අවධානය යොමු කරනු ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුන්ගේ කන් අගුල්වැටෙනකන් යටිගිරියෙන් කෑ ගහලා වරෙන්...
අගමැති කෙනෙක් ඉන්නවාද ලංකාවේ?
සාලයා කිලෝව රු. 500යි. කෙලවල්ලා 2,350යි.
හුරේ !!! මෙතුමාත් ලෝකෙ වටේ යන්න පටන් අරන් වගෙයි. එච්චරයි අපිට අඩුවකට තිබුනෙ...