
(සුජිත් හේවාජුලිගේ)
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විය.
ඉල්ලා අස්වීමේ ලිපිය ගුණවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දෙනු ලැබීය. අගමැතිවරයා එම ධූරයෙන් ඉවත් වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යන්නේය.
අනුර කුමාර දිසානායක මහතා අද ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙනු ඇත. පසුගිය 2022 වසරේ ජුලි මාසයේදී අගමැති ධුරයට පත්වූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට තිස් දෙවැනි අගමැතිවරයා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් හොරා කියපු කටින්ම රනිල් හොඳා කියපු තවත් රටට සත පහක වැඩක් නැති දේශපාලුවෙක්...
ලොකු දෙයක් රට කාලා කාලා බංකොලොත් කරලා තොලොන්චි වෙන එකට දෙවියෝ බැලුවා ලක් මාතාවට සුබ කාලයක් යන්ඩ
පාර්ලිමේන්තුවේ කෑගහපු ලැජ්ජාවක් කියලා දෙයක් දන්නේ නැති කෙනෙක්...!
මෙයාගෙන් සත පහක රටට වැඩක් වෙලා නෑ... අපරාදේ අපේ සල්ලි මෙවුන් නඩත්තු කරපු
ඔබ දක්ෂ නායකයෙක්. ඒත් ඔබතුමාට ඉස්සරහට එන්න රාජපක්ෂලා ඉඩ දුන්නෙ නෑ. ඔබව අගමැති කරෙත් එයාලට කෙලම වෙලා යන බව දැනුනම උන්ගේ ගැලවීමට. රටට වැඩක් ගත්තෙ නැති දක්ෂ නායකයන් ගොන්නෙන් ඔබත් කෙනෙක් බව අපි දන්නවා. ඔබතුමාට දීර්ඝායු වේවා!
අන්තිම මොහොතේදී හරි ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කරන්න තීරණය කළ එක හොදයි.
Asith Monday, 23 September 2024 11:16 AM අසිත් මහත්තයා...., පුලුවනිනං මෙයාගෙ දක්ෂකං එකක් කියන්න අපිට දැනගන්නත් එක්ක!
අසිත් මහත්තයා, පුළුවනිනං මෙයාගෙ දක්ෂකං එකක් කියන්න අපිට දැනගන්නත් එක්ක!
ඔතන ඉන්න සෙට් එකේම ගෙදර යවන දවසට තමයි රටට සෙත...
නමට හිටපු ජාතික ඇඳුම් රඳවනයක්... රූකඩයක්...!
මෙලෝ වැඩක් නැහැ. මෙතෙක් කලක් හංවැල්ල, අවිස්සාවේල්ල පළාතේ ආපු නැති මේ මිනිහා අගමැති වුණාම මාසෙකට කීප සැරයක් සීතාවක ප්‍රා. ලේකම් කාර්‍යාලයට එන්න ගත්තා. වැඩකරන්න නෙවෙයි, දේශපාලන වැඩට. එන දවසට කලින් දවසේ ඉඳලා stf හතර වටේම බෝම්බ චෙක් කරනවා. වටේටම මදුරු තෙල් ගහනවා. ඒ මිනිස්සු මදුරුවෝ කයි කියලා නෙවෙයි. මේ මිනිහාව මදුරුවන් කයි කියලා. ඒ මදිවට පොලිසිය, stf බස් කීපයකුත් ගේනවා. මේ රටේ සල්ලි එයාගේ බූදලයක් වගේ නාස්ති කළේ...
හිටපු 222 දෙනාට බනින්න ඕනේ නැහැ දැන් . මහමැතිවරණයෙන් ඇපත් නැතිකරලා දේශපාලනයෙන් අතුගාලම දාපල්ලා