
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ නව අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ.එහිදී මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළේය.
ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හරහා දිවයිනේ ආර්ථික ප්‍රතිසාධනය සහ ස්ථාවරත්වය උදෙසා අඛණ්ඩ ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගීතාවය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව ඉන්ධන ලබාගැනීම කරනු ලබන්නේ රුසියාවෙනි. නමුත් ඇමෙරිකානු රජය රුසියාවට එරෙහිව සම්බාධක දමා ලෝකයේ වෙනත් රටවලට එය අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියේය. රුසියාවෙන් ඉන්දියාව ඉන්ධන ලබාගැනීම පිළිබඳ කිසිඳු විරෝධයක් නොදක්වා ප්රකාශ කර තිබෙනුයේ WE UNDERSTAND INDIA'S POSITION යනුවෙනි. ඉන්දියාව මේ වනවිට දෙපාර්ශවය/තත්වය සාර්ථකව සමථයට පත්කර තිබේ..