(රේඛා තරංගනී ෆොන්සේකා)
ප්‍රධාන අගනගරය වන ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ පවතින දැඩි සේවක හිඟය නිසා එහි කටයුතුවලට බාධා පැමිණ ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, නියෝජ්‍ය නාගරික කොමසාරිස්, නාගරික ලේකම්, සහකාර ලේකම්, පුස්තකාලාධිපති ඇතුලු ප්‍රධාන නිලධාරී පුරප්පාඩු රැසක් ඇති නිසා නගරසභා සේවා සිදු කිරීමේ දුෂ්කරතා රැසක් මතුව ඇතැයි හිටපු නාගරික මන්ත්‍රි ප්‍රභාත් විද්‍යාපති පැවසීය.
ප්‍රදේශයේ කානු පද්ධති පිරිසිදු කිරීම් මාර්ග පිරිසිදු කිරීමේ වැනි කටයුතු උද්‍යාන නඩත්තු කිරීම් අඩාල වෙමින් පවතින බව පැවසී.
සභාව තුළ රියදුරු පුරප්පාඩුද පවතින බව සඳහන් කළ ඒ මහතා විවිධ ස්ථානයන්වල කසල ඉවත් කිරීමේ ගැටළුද පවතින බව පැවසීය.
ලංකාවේ අග නගරය වන කෝට්ටේ බල ප්‍රදේශයේ ඩෙංගු වැඩිවීමේ තත්ත්වයක් ද දක්නට ලැබෙන අතර කුණු ඇදීම අඩපණවීම සිදුවෙමින් පවතින බවච පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැඩි වෙහෙස මහන්සියකින් යුතුව කටයුතු කළත් ඔහුට දැරිය හැකි සිදුකළ හැකි සේවාවන්වල සීමාවක් පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සේවකයෙක් වැඩ නොකරන තත්ත්වයට පත්වෙලා. බොහෝ පාසල්වල ගුරුවරු වැඩ නොකර ඔන්ලයින් උගන්වන්න පටන්ගෙන.. නගරසභා මාර්ග ජරාවාස වෙලා. කාණු කුණු පිරිලා. වැසි වෙලාවට උතුරනවා. පාරවල් කැපිල්ල... එදිනෙදා නඩත්තුව නෑ. සේවකයෝ නිකම්ම ඉන්නවා. ඒත් පඩිය ගන්නවා. මොකක්ද මේ තත්ත්වයට හේතුව? වැඩ කරන ජනතාව පෞද්ගලික අංශය. ඒ නිසාම තරමකට පිරිසිදුව තියෙනවා. ගම්පහ නගරය නම් අපායක් වගේ. කාණු වල කැලෑව. කුණු හැමතැනම...
සේවක හිඟයක් නොව ඉන්න සේවකයෝ උදේට අත්සන් ගහලා ත්‍රිවීල් පදිනවා. වැඩක් කරන්න ගියාම කට්ටිය නෑ. කුණු ජරාව පිරිලා. ඔබේසේකරපුර ගන්න දෙයක් නෑ. ගොඩක් අපිරිසිදුයි.