IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට

(පද්මසිරි ගාර්දියවසම්)                              

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ .   

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට ලුණම ප්‍රදේශයේ සහ වලට ප්‍රදේශයේ පදිංචි  හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් දෙදෙනාය .             

ඉකුත් (01) අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ එළිමහන් වැඩ සදහා යොදවා සිටියදී රැදවියන් හතර දෙනෙකු බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් තිබූ අතර පලාගිය රැදවියන් අත්අඩංගුවට ගැනිමට ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබිණි .                         

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට බාර දෙන බව තංගල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසීය .



අදහස් (0)

අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site