( නිශාන්ත කුමාර )
වියලන ලද බත් වලින් සකස් කරන ලද අග්ගලා ආහාරයට ගත් මීගහකිවුල කණුගොල්ල ගම්මානයේ එකම පවුලක තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කෝමරික කණුගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 14, 34, හා 28 යන වයස්වල පසුවන තිදෙනෙකි.
සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත් පොල්, සීනි ආදිය එක් කොට සකස් කරන ලද අග්ගලා අනුභව කොට තේ පානය කිරීමෙන් පසුව හට ගත් අධික වමනය හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල්ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමාකාරයෙන් හදන අග්ගලා කිසිදාක විස වෙන්නෙ නැහැ. ඒවා හදන්නෙ සහල් පිටි වලින් තමයි ඉතිරිවෙන බත් වේලා හදන්නෙ නියම අග්ගලා නොවෙයි ඔය බත් වේලෙන්න අව්වේ දැමුවාම සුළගට හෝ සතෙක් නිසා යම් විෂක් එකතුවෙන්න ඇති , ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් අග්ගලා කන්ඩෝන් පුතා හෙලේ නගින්ඩෝං පුතා කිව්වෙ අග්ගලා නිසා තමයි එකමත් එක කාලෙක අග්ගලා මල්ල නිසා ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී කතාවක් තිබුණා අපි අග්ගලා හදන මිශ්‍රණය දැන් අලුවා හදන මිශ්‍රණය හා සමානයි.