
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
අක්මීමන කුරුන්දකන්ද හරස්පාර පස් මළුව පදිංචි ප්‍රසන්න කුමාර නමැති (42) හැවිරිදි පුද්ගලයකු ඉකුත් 09 දා රාත්‍රී කුරුන්දකන්ද ප්‍රදේශයේ පාළු නිවසක නිදා සිටියදී සැකකරුවන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු කැත්තකින් සහ කඩුවකින් ගෙලට පහරදී ඝාතනය කොට තිබුණි.
පසුව මියගිය පුද්ගලයාගේ සහෝදරයාද ඝාතනය කිරීමට උත්සාහ දැරීමේදී එය ව්‍යාර්ථ වී ඇති බව පැවසේ.
පසුව සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකුගේ ඥාති සොහොයුරියක පදිංචි රත්මලාන ප්‍රදේශයට පැමිණ ඇයගේ ලැගුම්හලෙහි සැඟව සිට තිබේ.
පසුව මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ විමර්ශන කණ්ඩායමක නිලධාරීන් සැකකරුවන් දෙදෙනා රත්මලාන ලැගුම්හලේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානෙන් අල්ලයි