
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින්, ධීවර රැකියාව සදහා පිටත්ව ගිය ධීවරයෙකු අකුණක් වැදී මුහුදට වැටීමෙන් අතුරුදන්ව ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ කල්පිටිය කන්දකුලිය පදිංචි 41 හැවිරිදි ඇන්ටන් දිසානායක ලක්ෂ්මන් දිසානායක නම් දෙදරු පියෙකි.
මෙම ධීවරයා සමග තවත් ධීවරයින් දෙදෙනෙකු ඊයේ (25) පස්වරුවේ ධීවර රැකියාව සදහා තොටුපළින් පිටත්ව ගොස් ඇත. එම ධීවරයින් දෙදෙනා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ,වෙරළේ සිට කිලෝ මීටර 16 ක් පමණ දුර දියඹ
මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටිය දී ඇද හැලුණු වර්ෂාවත් සමග අකුණක් තම යාත්‍රාවට පතිත වූ බවය.ඒ සමගම අකුණ වැදුණු ධීවරයා මුහුදට වැටුණු බවත් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd