IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අකුණක් 5ක් රෝහලට යවයි

(බී. ජී. චතුරංග) 

අනුරාධපුර වන්දනාවේ  පැමිණ බසවක්කුලම (අභය ) වැවේ  දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන්  පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අකුණු සැර වැදීමෙන් රෝහල් ගත කර ඇත්තේ  පයාගල  , වල්පොල සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි  වයස අවුරුදු 24, 30, 38 සහ 48 වියේ පසු වන පුද්ගලයන් පස්දෙනෙකි.

ඊයේ (27දා) පස්වරුවේ  මෙම අකුණ පතිත වන අවස්ථාවේදී වන්දනා නඩ වල  මෙම පිරිස බසවක්වලම වැවේ දිය නාමින් සිටි ඇති අතර එක් පුද්ගලයෙකු වෑකන්ද මත දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිට ඇති බව පොලිසිය කියයි.‍

අකුණු සැර වැදීම හේතුවෙන්දි බසවක්කුලම වැවේ දිය නාන මංකඩ අසල ඇති විශාල ප්‍රමාණයේ ගසක අත්තක් කැඩී, ගසේ මුල දක්වා දැඩි හානි සිදුව තිබෙන ආකාරය එහිදී දැකගත හැකි විය.

 

 

 



අදහස් (0)

අකුණක් 5ක් රෝහලට යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site