IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අක්කරපත්තු අධිකරණයට ගිනි තැබූ තුනක් දැලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ පළමු මහලේ පිහිටි ලේඛනාගාරයේ ගබඩා කර තිබූ නඩු ලේඛනවලට ඉකුත් 21 වැනි දා අළුයම් කාලයේ ගිනි තබා විනාශ කළ බව කියන තරුණයෝ තිදෙනෙක් අක්කරපත්තුව පොලීසිය විසින් පෙරේදා 28 සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අක්කරේපත්තු ප්‍රදේශයේම තරුණයෝ තිදෙනෙකි. සැකකරු අධිකරණ ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු 24 වැනි වියෙහි පසුවන අතර සෙසු සැකකරුවන් අතර 17 සහ 20 වියේ පසුවන තරුණයන් දෙදෙනනෙකි. ඔවුන් ප්‍රධාන සැකකරුගේ මිතුරන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වන ලද අක්කරෙයිපත්තුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සැකකරුට එරෙහිව පහරදීම් ගංජා ළඟ තබා ගැනීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් නඩු නමයක් අධිකරණයේ විභාග වන බවත් එම නඩු ගොනු විනාශ කිරීමේ අරමුණින් මෙවැන්නක් කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ප්‍රධාන සැකකරුගේ ඉල්ලීමට ඔහු සමග ඇති හිතවත්කම මත අනෙක් දෙදෙනා මෙයට හවුල් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පසුගිය 21 වෙනිදා අළුයම් කාලයේ සිදු කර තිබූ මෙම ගිනි තැබීමෙන් එම ලේඛනාගාරයේ තිබූ නඩු ලේඛන සියල්ලක් ම පාහේ විනාශ වී ගොස් තිබිණි.

 



අදහස් (2)

අක්කරපත්තු අධිකරණයට ගිනි තැබූ තුනක් දැලේ

ravin Thursday, 29 December 2022 03:12 PM

පැරැණි පොත්පත්වල එන හනුමාට දුන් දඬුවම දුන්නානම් වැඩේ කොටින්ම ඉවරයි.

:       0       0

sharm warn Thursday, 29 December 2022 03:41 PM

කොච්චර සිම්පල් පෑලෑන් ඒකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site