(බී.ජී.චතුරංග)

කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක් වංචනිකව ලබාගෙන එය කොටස් කර අලෙවික ළ බව කියන අන්ධ පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නූර් මොහොමඩ් හිල්මි නමැති රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචි නම් පුද්ගලයකු අයිති මෙම ඉඩම රජයේ ව්‍යාපෘතියකට බව පවසා එම පුද්ගලයාගෙන් ප්‍රධාන ජාවාරම්කරු සහ තවත් අයකු අන්ධ පුදගලයකු නමට ලියා ගෙන ඇත. පසුව එම ජාවාරම්කරුවන් සාදයකට යැයි පවසා අන්ධපුද්ගලයා රැගෙන ගොස් හොඳහැටි බොන්න දී ඇපයකට බව කියමින් අත්සන් ලබාගෙන එම ඉඩම ජාවාරම්කරුවන් නමට ලියවාගෙන පසුව කට්ටිකර විකුණා ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මෙම කට්ටිකර විකිණීමෙන් කෝටි ගණනක් ජාවාරම්කරුවන් උපයා ඇතැයි අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මෙහි ප්‍රධාන ජාවාරම්කරු වන කැකිරාව රත්මල් කන්ද ප්‍රදේශයට පැමිණ සිටින පුද්ගලයකු , අනුරාධපුර නගරයේ සහ ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.

මෙම ඉඩමේ මුල් අයිතිකරුවන නූර් මොහොමඩ් හිල්මි විසින් පොලිසියට කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.