( සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
යාපනය,කයිට්ස්,සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක වැටී මියගිය ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව කයිට්ස් පොලිසිය පවසයි.
එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ කයිට්ස් , සින්නමඩුව ප්‍රදේශයේ පදිංචි නිරංජන් විදූෂා නැමති වයස අවුරුදු 11 සහ නිරංජන් අනුෂ්කා නමැති වයස අවුරුදු පහක් වූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි.
පොලිසියට ලැබුණ තොරතුරක් අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී දැරියන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
දරුවන් දෙදෙනා පාපැදියක නැඟී අසළ කඩයකට ගොස් ඇති අතර, දරුවන් කඩයට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දරුවන් දෙදෙනාගේ මළ සිරුරු වතුර වළේ තිබි සොයාගත් බවද පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා දෙදෙනාට මෙවන් අකල් මරණයක් මින් මතුනොමවේවා.. නිවන්සුව පතමු...!