IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


UK ඉන්දු - ශාන්තිකර අමාත්‍යවරිය දිවයිනට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් අද (27) සහ හෙට (28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූවාය.

මෙරට සාර්ව ආර්ථික සංවර්ධනය, දූෂණ විරෝධය, මානව හිමිකම් සහ ජාතික ප්‍රතිසන්ධානයද ඇතුළත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම කැතරින් වෙස්ට් මහත්මියගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරයේ අරමුණ වූවාය. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම් කටයුතු සඳහා රුකුල් දෙන ආකාරයේ නව අපනයන වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් පියවර ගැනීමටද අමාත්‍යවරිය සිය නිල සංචාරයේදී සැලසුම් කළාය.

අමාත්‍ය කැතරින් වෙස්ට් මහත්මිය අද (27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් මුණ ගැසී සාකච්ඡා කළ අතර හෙට (28) දිනයේ මානව අයිතිවාසිකම්, ප්‍රතිසන්ධානය, දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණදීම සහ සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා එක්සත් රාජධානිය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අවධාරණය කිරීම පිණිස යාපනයේ සංචාරයක නිරත වීමටද නියමිතය.

ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය ලෙස කැතරින් වෙස්ට් මහත්මිය පත්වීමෙන් පසුව සිදුකරන ප්‍රථම නිල සංචාරයේ කොටසක් ලෙස එය ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත විය.



අදහස් (0)

UK ඉන්දු - ශාන්තිකර අමාත්‍යවරිය දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site