
(විමුක්ති එස් රුද්‍රිගු)
යොහානි ද සිල්වා ගයන "Thank god" හින්දි චිත්‍රපටයේ මැණිකේ ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 27 ක් පසු කර තිබේ. ලබන ඔක්තෝම්බර් මස 25 වැනිදා "Thank god" චිත්‍රපටය තිරගත වීම ආරම්භ වන අතර එහි ඇතුළත් මැණිකේ ගීතය ඉකුත් 16 වැනිදා අන්තර් ජාලයට මුදා හැරියේ ය.
මෙම ගීතය මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය වන අතර සිංහල සහ හින්දි භාෂා ද්විත්වයම එකතු වී නිර්මානය වී ඇත.මැණිකේ ගීතය යොහානි ද සිල්වා, ජුබින් නෞටියාල් සහ සූර්යා රඝු නාතන් ගයනා කරන අතර සංගීත අධ්‍යක්ෂණය තනිශ්ක් බක්ෂි සහ චමත් සංගීත් සිදුකර ඇත.
මෙම චිත්‍රපටයට අජේදේව්ගන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අරගලයට කිසිම සපෝට් එකක් දුන්නෙ නෑනෙ. මෙයාගෙන් වැඩක් නෑ. මෙයාට රජයෙන් හම්බුන ඉඩමත් තියාගත්තනෙ. යකෝ රජයෙ ඉඩම් මොකටද? මේ වගේ උන්ට දෙනවට වැඩිය හොදයි අර නෙට් බෝල් ගහපු ලමයින්ට දුන්නනම්
එයා මෙහෙත් හුගක් හෙල්ලුවනෙ.
චීනේ ලංකාවට යූ එන් එකේදී සපෝට් කරලා ඉන්දියාව විරැද්ධ වුනා විතරයි මෙන්න මෙයාව ආයෙත් හයිලයිට් වෙනවා එක රැයෙන්ම. අපේ ජනයාගේ ඉන්දීය විරෝධි බව අඩුකරගන්න කවුරැහරි හදපු දෙයක්ද මේ?
කොළඹින් තවත් ඉඩම් කෑල්ලක් දෙමු...!
කට්ටියට ආවේණික කුහකත්වය හොඳටම පෙන්වන අවස්ථාවක්. මේ අදහස් වලින් මතුව එනවා...!