IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


SLT සමූහයේ ප්‍රථම කාර්තුවේ ස්ථාවර ආදායමක් වාර්තා කරයි

SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු


 ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේ දී රු. බිලියන 26.6 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ වාර්තා වූ මට්ටමට සාපේක්ෂව සියයට 2.1 ක වර්ධනයකි. SLT සමාගම ආයතනික මට්ටමින් අත්කරගෙන ඇති ශක්තිමත් වර්ධනය මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව එම සමාගම සඳහන් කරයි.

SLT සමූහයේ ආදායමේ වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑ සාධකය වී ඇත්තේ, SLT සමාගම මෙම කාර්තුව තුළ වාර්තා කළ රු. බිලියන 17.6 ක ආදායමයි. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 10.7 ක වර්ධනයකි. SLT සමූහයේ කළමනාකාරිත්වයේ ක්‍රමෝපායික දැක්ම සහ සාර්ව ආර්ථික ගැටලු‍වල බලපෑම අවම කිරීම සඳහා ගත් විචක්ෂණශීලී ක්‍රියාමාර්ග මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. කෙසේ නමුත්, සමූහ අදායමට අහිතකර බලපෑමක් සමූහයේ ජංගම දුරකථන සේවා හස්තය මඟින් සිදුව තිබේ.

“අපගේ ව්‍යාපාරය ස්ථාවර කිරීම, අපගේ මෙහෙයුම් සහ පදනම් (Platforms) ඒකාබද්ධ කිරීම සහ අනාගතයට සාර්ථක ලෙස මුහුණ දීමට සූදානම් තාක්ෂණික සමාගමක් බවට පත්වීම සම්බන්ධයෙන් අප අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අපට ආඩම්බර වන්නට පුළුවන්. කෙසේ නමුත් අපගේ සැබෑ සාර්ථකත්වයේ සාක්ෂි දැකගත හැකි වන්නේ අපගේ කාර්යක්ෂම සහ ඉලක්ක මූලික කරගත් මෙහෙයුම් ව්‍යුහය තුළයි. එමගින් අපට දුෂ්කර අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, සුබවාදී දැක්මකින් යුතුව අනාගතය වෙත පිය නැගීමට හැකියාව ලැබී තිබෙනවා.” SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

සමස්තයක් ලෙස සමූහයේ සෘජු මෙහෙයුම් පිරිවැය එහි ලාභදායීත්වයට බලපෑම් එල්ල කර ඇත. සමූහ මට්ටමින් සෘජු පිරිවැය පෙර වසරට සාපේක්ෂව සියයට 7.6 කින් ඉහළ ගොස්, රු. බිලියන 15.9 ක් ලෙස වාර්තා වී තිබේ. සමාගම් මට්ටමින් එය රු. බිලියන 9.8 ක් වන අතර එය සියයට 6.8 ක ඉහළ යාමකි. ජාත්‍යන්තර ගෙවීම්, විදුලි ගාස්තු ඉහළ යාම සහ විදේශීය සමාගම් වෙත ගෙවන ලද වාර්ෂික නඩත්තු ගාස්තු ආදිය මෙම ඉහළ යාමට මූලික වශයෙන් බලපා ඇත. මීට අමතරව, පරිපාලන පිරිවැය සමූහ මට්ටමින් රු. බිලියන 5.8 දක්වා සහ SLT සමාගම් මට්ටමින් රු. බිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව පිළිවෙළින් සියයට 8.7 ක සහ සියයට 7.4 ක වර්ධනයකි. මෙම තත්ත්වයට ද ප්‍රධාන වශයෙන් උද්ධමනය සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වීම යන සාධක බලපා ඇත. කෙසේ නමුත් ක්ෂයවීම් හා ක්‍රම ක්ෂයවීම් මේ වනවිට සමූහ මට්ටමින් සියයට 13.6 කින් සහ සමාගම් මට්ටමින් සියයට 19 කින් අඩු වී ඇති අතර, එය වත්කම්වල සැබෑ වටිනාකම් පිළිබිඹු කරයි.

ගාස්තු වැඩිවීම නිසා උපයෝගීතා පිරිවැය ඉහළ යාම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ රට තුළ පැවති උද්ධමනය වැනි සාධක නිසා ජාත්‍යන්තර ගෙවීම් සහ නඩත්තු වියදම් ඉහළ යාම සමූහයේ මෙහෙයුම් ලාභයට අහිතකර බලපෑම් එල්ල කර ඇත. කෙසේ වුව ද සමාගම් මට්ටමින් පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙහෙයුම් ලාභය සියයට 74.4 කින් වර්ධනය කර ගැනීමට SLT සමත් වී තිබේ. 

සමස්තයක් ලෙස සමූහ මට්ටමින් බදු-පෙර ලාභය සියයට 54 කින් පහළ ගොස් ඇති අතර, පොලී අනුපාත විශාල ලෙස ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් නම්, විදේශ විනිමය අලාභයන් ඉවත්කර සලකා බැලූ විට අදාළ කාර්තුව තුළ සමාගම් මට්ටමේ ආදායමේ පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීම ය. විදේශ හුවමාරු අලාභය ඉවත් කර බැලූවිට සමාගම් මට්ටමින් බදු-පෙර ලාභය රු. බිලියන 1.1 කි. මීට අමතරව, විදේශ විනිමය හුවමාරු අලාභය ඉවත් කර බැලූ විට සමාගම් මට්ටමේ සාමාන්‍යකරණය කරන ලද බදු-පසු ලාභය රු. බිලියන 0.9 ක් වේ.

සමූහය තුළ විදේශ විනිමය වර්ග කිහිපයක් භාවිත වීම හේතුවෙන්, පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම කාර්තුවේ දී රුපියලේ අගය ඉහළ යාම නිසා ඇමරිකානු ඩොලර් ණය සහ වගකීම් පවතින Mobitel සහ Visioncom සමාගම් වාසිදායක තත්ත්වය වාර්තා කර ඇත. කෙසේ නමුත් ඇමරිකානු ඩොලර් සංචිත හේතුවෙන් SLT සමාගමට අලාභයක් සිදු වී තිබේ.

595



අදහස් (0)

SLT සමූහයේ ප්‍රථම කාර්තුවේ ස්ථාවර ආදායමක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

දියත

දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා
2024 මැයි මස 12 119 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි


ගංජා සමඟ හිටපු ලාන්ස් කෝප්‍රල් මාට්ටු
2024 මැයි මස 12 90 0

කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 460 ක් සමග යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්රල්වරයකු අද(12) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.


‘‘විජයදාස පිළිගන්න බෑ‘‘
2024 මැයි මස 12 430 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක ම


ලෝක හෙද දිනය සමරයි
2024 මැයි මස 12 89 0

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ජාත්‍යන්තර හෙද දින සමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පැවැත්විණ


වසරකට භික්ෂූන් 2000ක් උපවැදි වෙනවා
2024 මැයි මස 12 350 0

උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ


කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි
2024 මැයි මස 12 406 0

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 638 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2137 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1857 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site