ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) රන් සම්මානය හිමි විය. විශිෂ්ටතම වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම, ඒකාබද්ධ වාර්තාකරණය සහ සාර්ක් සංවත්සරය වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධාන කෙරේ.
නේපාලයේ කත්මන්ඩු නුවර පැවති එම සම්මාන උළෙලේදී ‘සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ වාර්ෂික වාර්තාව මෙලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජාත්‍යන්තර බදුකරණය සහ ඩිජිටල් මුදල් පිළිබඳ පැවති SAFA සම්මන්ත්‍රණයට සමගාමීව මෙම සම්මාන උළෙල පැවැත්විණි.
SLT - MOBITEL සමාගම වෙනුවෙන් එම සමාගමේ අලෙවි සේවා සාමන්‍යාධිකාරි අනුරුද්ධ සූරියාරච්චි සහ මුල්‍යයන ගිණුම්කරණ සහ බදුකරණ සාමන්‍යාධිකාරි ඉන්ද්‍රජිත් ප්‍රියන්ත යන මහත්වරු සම්මාන උළෙලට සහභාගී වූහ.
'No Dream Too Big' තේමාව යටතේ ඉදිරිපත් කරන ලද SLT - MOBITEL 2021 වාර්ෂික වාර්තාව, මෙරට ආර්ථිකය මෙන්ම සමාජය ද ඩිජිටල් පරිණාමයෙන් බලගන්වමින් තාක්ෂණික පරිණාමය ප්‍රවර්ධනය කිරීම සඳහා එම සමාගමේ දැක්ම සහ අපිරිමිත කැපවීම පිළිබිඹු කරයි.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
SLT - මොබිටෙල් 2021 වාර්ෂික වාර්තාවට SAFA සම්මාන