ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට සන්නාමවල විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරනු ලබන SLIM Brand Excellence එළිදැක්වීමේ උත්සවය 'Logic Behind the Magic' තේමා පාඨය යටතේ පසුගිය දා පවත්වන ලදී. ‘ශක්තිමත් සන්නාම නිර්මාණය කිරීමේදී නවෝත්පාදන සමඟ උපායශීලී ක්‍රමෝපාය ද යොදා ගැනීමේ වැදගත්කම සමාජය වෙත රැගෙන යෑම’ මෙම නව තේමා පාඨයේ අරමුණයි.
මෙම අවස්ථාව සමඟ එක්ව සිටි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සභාපති චින්තක පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
“වර්තමානය වනවිට වඩාත් ඵලදායී සන්නාම කළමනාකාරීත්වයක් මඟින් සන්නාමයට සමාජයෙන් ලැබෙන පක්ෂපාතීත්වය තීරණය කරනවා. එහිදී වෙනස්වීමට අනුකූලව පවතින සමාජ ආචාරධර්ම ආරක්ෂා කළ යුතු බව අපි සෑමවිටම විශ්වාස කරනවා. 2023 වසර යනු විකුණුම් පමණක් නොව අත්දැකීම් සහ සබඳතා ගැන ද අවධානය යොමු කළ යුතු වසරක්. මෙරට වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වීමේදී අවශ්‍යතාව සපුරාලීමට ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳව අවබෝධය හා එම උරුමයන්ට ගෞරව කිරීම වැදගත් කරුණක් ලෙස සැලකිය හැකියි. නිරතුරුවම ගෝලීය වශයෙන් අපගේ සන්නාමයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම අප ආයතනය සතු සුවිශේෂීතාවක් ලෙස පෙන්වා දිය හැකියි. අප ආයතනය දේශීය ජනතාව අතර කැපීපෙනෙන ජනප්‍රියතාවක් හිමිකරගෙන ඇත්තේ ද එබැවිනි.
“පවතින අස්ථාවර ව්‍යාපාරික පරිසරය තුළ සාර්ථක සන්නාම කළමනාකාරීත්වය හා ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාශීලී ප්‍රතිපත්ති සන්නාමයේ දිගුකාලීන පැවැත්ම කෙරෙහි බලපානු ලබන මූලික කරුණු ලෙස සැලකිය හැකියි.
එමඟින් ඕනෑම තත්ත්වයක් තුළ වඩාත් ශක්තිමත්ව අභියෝගවලට මුහුණ දීමේ හැකියාව තහවුරු වෙනවා. දශක දෙකක් පුරාවට ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මෙරට ව්‍යාපාරික සාර්ථකත්වයේ හොඳම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකියි.” යනුවෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) අවස්ථා හා තිරසාර ව්‍යාපෘති උප සභාපති ගයාන් පෙරේරා මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කළේය.
SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල මෙරට අලෙවිකරුවන්ගේ නිර්මාණශීලීත්වය සඳහා තරගකාරී වේදිකාවකි. මෙම සම්මාන උළෙල මඟින් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි ප්‍රබල උපායමාර්ග සැකසීමට සහ ක්‍රියාත්මක කිරීමට ආයතනවලට උපකාර කරමින් ප්‍රධාන ආර්ථික බලවේගයක් ලෙස අලෙවිකරණය ඉහළ නැංවීම පිළිබඳව SLIM ආයතනය දක්වන දායකත්වය සහ එහි ප්‍රයත්නය මැනවින් පිළිබිඹු වේ.
මෙම සම්මාන උළෙලට ප්‍රාථමික කාණ්ඩ පහක් සහ විශේෂ සම්මාන කාණ්ඩ 10ක් ඇතුළුව ඉදිරිපත් කිරීම් කළ හැකි කාණ්ඩ 15ක් අන්තර්ගත වන අතර එම විවිධ කාණ්ඩ යටතේ සන්නාම ඇතුළත් කළ හැකිය.
595
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල 22 වැනි වරටත්