IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


SDB බැංකුවේ විශිෂ්ට වර්ධනයක්

SDB බැංකුව නිමා වූ 2021 මූල්‍ය වර්ෂය තුළදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත. 

2021 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වසර සඳහා බැංකුවේ මුළු ලාභය රුපියල් මිලියන 909ක් වන අතර එය පෙර වසරට සාපේක්‍ෂව මුළු ලාභයෙන් සියයට 9 ක වර්ධනයකි.

2021 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ එම වර්ෂයේ සිව්වන කාර්තුවේ ලාභය පමණක් රුපියල් මිලියන 159ක් ලෙසින් වාර්තා වේ. 

ශුද්ධ පොලී ආදායමත් ඊට පෙර වසරවලට සාපේක්‍ෂව සියයට11 කින්, එනම් රුපියල් බිලියන 6.7ක් දක්වා වර්ධනය වී ඇත. මුළු මෙහෙයුම් ආදායම පෙර වසරවලට සාපේක්‍ෂව සියයට 9 කින්, එනම් රුපියල් බිලියන 7.4 දක්වා වර්ධනය වී ඇත. 

SDB බැංකුව විසින් නිකුත් කර ඇති මුළු ණය ප්‍රමාණය ඊට පෙර වසරට සාපේක්‍ෂව සියයට 9 කින්, එනම් රුපියල් බිලියන 111.89ක් දක්වා වර්ධනය වී ඇති අතර පසුගිය වසර තුළ රුපියල් බිලියන 65ක් බැංකු ගිණුම් 98,185ක් හරහා ණය වශයෙන් බෙදා හැරී ඇත. 

ශුද්ධ අක්‍රීය ණය අනුපාතය2020 වසරේදී සියයට 1.79 ක් වූ අතර 2021 වසරේදී එය සියයට 1.49 ක් දක්වා අඩු වෙමින් සාධනීය වෙනසක් පෙන්වා ඇත. 

SDB බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය 2021 මූල්‍ය වර්ෂය තුළ සියයට 15 කින්, එනම් රුපියල් බිලියන 147.8ක් දක්වා වර්ධනය වී ඇති අතර තැන්පතු පරාසය පෙර වසරවලට සාපේක්‍ෂව සියයට 1 ක වර්ධනයක් පෙන්වා ඇත.

දුෂ්කර ආර්ථික පරිසරයක් තුළ වුවද SDB බැංකුව විසින් විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්පත් කරගැනීම පිළිබඳව අදහස් දක්වමින් එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා මෙසේ පැවසුවේය.

“ගෙවුණු 2021 මූල්‍ය වර්ෂය තුළ අපි විශේෂයෙන්ම අපේ මූලික අරමුණ වන ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත සේවා සැපයීම කෙරෙහි දැඩිව අවධානය යොමු කළා. එහිදී විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයින්ගේ සංවර්ධනය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූවා. 2021 වසරේදී අප ලැබූ සාර්ථකත්වයට බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් සකස් කළ සැලසුම් හා ක්‍රමෝපායන් මූලික වශයෙන් හේතු වුණා. ඒ වගේම වසංගතය නිසා පැනවී තිබූ සීමාකිරීම් ලිහිල් වීමත් අපේ සාර්ථකත්වයට පිටිවහලක් වුණා. අපේ පාරිභෝගිකයන් සමඟ හවුල්කරුවන් විදියට වැඩ කිරීමේ ප්‍රතිපත්තිය නිසා අපට අනාගතයේදී මතු විය හැකි මූල්‍යමය වශයෙන් දුෂ්කර අවස්ථා කල් තියා හඳුනා ගැනීමටත් ඒ තත්ත්වයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳව අපේ පාරිභෝගිකයන්ට සාර්ථකව මඟපෙන්වීමටත් අපට හැකි වුණා. අක්‍රිය ණය අනුපාතය පහළ යාම සහ අප විසින් නිකුත් කරන ලද ණය ප්‍රමාණය වර්ධනය වීම මීට සාක්‍ෂි සපයනවා. 2022 වසරේදීත් මේ සාර්ථකත්වය අඛණ්ඩම ඉදිරියට පවත්වාගෙන යමින් අඛණ්ඩ වර්ධනයක් අත්පත් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ හිතවත් පාරිභෝගිකයන් සහ සියලුම හවුල්කරුවන් අපට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔවුන්ට ස්තූති කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නවා.”

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

SDB බැංකුවේ විශිෂ්ට වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site