IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


SDB 25 වැනි සංවත්සරයට දිවයින පුරා සැමරුම්

SDB බැංකුවේ 25 වැනි සංවත්සරය නිමිති කර ගත් සැමරුම් උත්සව හා වැඩසටහන් ගණනාවක් දිවයින පුරා විසිරුණු SDB ශාඛා ජාලය හරහා පවත්වනු ලැබිණි. පසුගිය වසර 25 පුරාවට සිය සමාරම්භක ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන අතරම සිය අරමුණු සහ පරාසය ක්‍රමයෙන් වර්ධනය කරගෙන ඇති SDB බැංකුව අද වනවිට අනාගත දැක්මක් සමඟ නව තාක්ෂණය සහ වටිනාකම් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන නූතන බැංකුක් බවට පත්ව ඇති බව එම බැංකුව සඳහන් කරයි.

ඒ අනුවSDB බැංකුවේ ක්‍රමෝපායික අවධානය යොමුවන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සහ මහජනතාවට ඩිජිටල් බැංකුකරණයේ ප්‍රතිලාභ ලබා දීම යන ඉලක්ක වෙතය.

SDBබැංකුව සිය 25 වැනි සංවත්සරය නිමිති කර ගනිමින් සුවිශේෂී ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර ඇති අතර මහා පරිමාණ වශයෙන් පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ වැඩසටහන ඒ අතරින් ප්‍රධානතම වැඩසටහනකි. මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය වශයෙන් වික්ටෝරියා- රන්දෙණිගල- රන්ටැඹේ අභයභූමි ප්‍රදේශයට යාබදව පිහිටි උඩුදුම්බර, දේවහන්දිය - නැගෙනහිර ග්‍රාමයට ආසන්න දුම්කොළ වගාව ආදිය නිසා නිසරු වී ගිය හෙක්ටයාර 25ක භූමි ප්‍රමාණයක් නැවත යථා තත්ත්වයට පත් කිරීම පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. දේශගුණික විපර්යාසයන් නිසා ඇති විය හැකි බලපෑම්වලට අනුවර්තනය වෙමින්, විවිධත්වයෙන් යුතු නව ආදායම් මාර්ග විවෘත කර ගැනීම සඳහා එම ප්‍රදේශයේ වෙසෙන පවුල් 90කට මෙම ව්‍යාපෘතිය ඔස්සේ සහයෝගය ලබා දෙයි. ඒ මාංශ ආදේශකයක් ලෙස කොස් වගා කිරීමට සහ බෙලි පලතුරු, ඉන්දියානු ගුස්බෙරි වැනි ඖෂධීය හා ඉහළ පෝෂණීය ගුණාත්මක බවින් යුත් බෝග වර්ග 09ක් වගා කිරීමට අවස්ථාව උදා කරමිනි.

මෙහෙයුම් ව්‍යාපෘතියේ පළමු රුක් රෝපණ වැඩසටහන 2022 අගෝස්තු මස 24 වැනි දින සිදු කරන ලද අතර මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඒ අවස්ථාවට සහභාගී වූයේය. ඊට අමතරවSDB බැංකුවේ සභාපතිනි දිනිති රත්නායක SDBවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ, වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා සහ විධායක මණ්ඩලයේ සාමාජිකයෝ ද ව්‍යාපෘතියේ පාර්ශ්වකාර කණ්ඩායම්වල නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

25 වැනි සංවත්සරය සමරනSDB බැංකුව ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක් නිර්මාණය කර ගනිමින් බැංකුකරණයේ විශේෂඥතාව, අත්දැකීම් සහ සෙසු සම්පත් අතින් අඛණ්ඩවම පවතින අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ක්ෂේත්‍ර සහ කාන්තා ව්‍යසායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් රටේ ආර්ථික සංවර්ධනයට තිරසාර ලෙස දායක වීමට ද සමත් වී ඇත. සමාජ සවිබල ගැන්වීම සහ සමානාත්මතා සමාජයක් බිහි කිරීම පිළිබඳව වන සිය දැක්මට සමපාත වන, ගෝලීය වශයෙන් කීර්තියට පත් මූල්‍ය ආයතන සහ සංවිධාන සමඟ SDBබැංකුව අත්වැල් බැඳගෙන ඇති අතර ඒ ඔස්සේ ශ්‍රී ලාංකිකයන් සඳහා නව ආර්ථික අවස්ථා නිර්මාණය කරමින්, අපනයනය ඉලක්ක කර ගත් ව්‍යාපාරවලට සහයෝගය ලබා දීමටත්, නව ආර්ථික වටිනාකම් රට තුළ ඇති කිරීමටත් SDB බැංකුව සිය අවධානය යොමු කර ඇත.

595



අදහස් (0)

SDB 25 වැනි සංවත්සරයට දිවයින පුරා සැමරුම්

ඔබේ අදහස් එවන්න

දියත

ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 48 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


සි .අයි. ඩි බුද්ධි නිලධාරීන් යොදවා කළ සැලසුම අතේ පත්තුවෙයි
2024 මැයි මස 07 23 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ අවසරයකින් තොරව මහරගම පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත්කරුවකුගේ නිවසට ගොස් කොන්ත්‍රාත


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 434 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්
2024 මැයි මස 07 2015 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි
2024 මැයි මස 07 632 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ ක


මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්
2024 මැයි මස 07 866 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 545 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1994 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1764 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site