IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


RMV අසල අල්ලස් ගත් තැ‍රැව්කරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

යතුරුපැදියක ලියාපදිංචි පොත සංශෝධනය කරදීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරියෙකුගෙන් රුපියල් තිස්දහසක මුදලක් ඉල්ලා  රුපියල් දස දහසක අල්ලසක්  ලබා ගත්තේ යැයි කියන නාරාහෙන්පිට  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය අසල ගැවසෙන තැ‍රැව්කරුවෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා ලක්මාලී  ජයතුංග මහත්මිය අද (28) නියෝග කළාය.

අල්ලස්  කොමිසම මගින්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මදුරප් පේරුවගේ උපාලි පෙරේරා සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ 2021 වසරේ සිට අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ රාජකාරී කටයුතු  වල නියුතු නිලධාරියෙකුගෙන් මෙසේ අල්ලස් ඉල්ලා ලබාගෙන ඇති බවය.

සැකකරු දසක තුනකට අධික කාලයක් තිස්සේ නාරාහෙන්පිට  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාර්යාලය අසළ ගැවසෙමින් එහි සේවාව ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙ සේවා ඉටුකර දීමට  කටයුතු කළ තැ‍රැව්කරුවකු  බවද,නාරාහෙන්පිට  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය අසළ "කාක්කන්" නැමැති ඒ අනුවර්ත නාමයෙන් හඳුන්වන තැ‍රැව්කරුවන්  මුදල් හා අල්ලස් ලබා ගනිමින් සිටින බවට අල්ලස් කොමිසමට නිර්නාමික පෙත්සම් රැසක් ලැබී ඇති බවද පැවසීය.

එම ජනතා පෙත්සම් අනුව සිදු කළ ආවේක්ෂණ රාජකාරීටයුතුවලදී මෙම සැකකරුද හඳුනාගෙන සිටි පුද්ගලයෙකු බවත් සඳහන් කළේය. සැකකරු සතුව  මුළු දිවයිනටම සාම විනිසුරු යන නිල මුද්‍රාවක්  තිබී අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.

යතුරු පැදියක අනු ලියාපදිංචි සහතිකය මුල්  ලියාපදිංචි පොත ලෙස සංශෝධනය කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණි අල්ලස් කොමිසමේ නිලධාරියාව අසල කඩයකට රැගෙන ගොස්,අදාල කාර්යය මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් මගින්  කරදීමට රුපියල් තිස් දහසක මුදලක් අවශ්‍ය බව පවසා මෙම රුපියල් දස දහස ලබාගෙන ඇති බව ට කරුණු ඉදිරිපත් කළේය.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති එබැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය

පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  සැකකරු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසටද දන්වා සිටියාය.



අදහස් (0)

RMV අසල අල්ලස් ගත් තැ‍රැව්කරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site