IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


Pickme රියැදුරන්ට ජිවීත රක්ෂණයක්.

ගිග් ආර්ථිකයේ නියැළෙන සේවකයන් රැකබලා ගැනීමේ එකම ඩිජිටල් වේදිකාව බවට පත් වෙමින් Pickme සමාගම සිය රියැදුරන්ට පැය 24 පුරාවටල එනම් ඔවුන් සේවය කරන කාලය පමණක් නොව සේවයෙන් බැහැරව සිටින කාලය තුළ ද ආවරණය වන පරිදි රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. රන් සහ ප්ලැටිනම් කාණ්ඩ කරා ළඟා වන රියැදුරන් හට නොමිලේ පිරිනමන Pickmeරක්ෂණය, දැනටමත් රියැදුරන් 11,000 කට අධික රියැදුරන් සංඛ්‍යාවක් ආවරණය කර ඇති අතර, එම කාණ්ඩ තව දුරටත් පුළුල් කිරීමෙන් මෙම රක්ෂණයට සුදුස්සන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ද කටයුතු යොදා ඇත.

‘‘අප වැඩසටහන රියැදුරන් පමණක් නොව ඔවුන්ගේ පවුල් ද ආවරණය කරනවා. මේ' දක්වා අයැදුම් 1,675ක් ඉදිරිපත් කර ඇති අතර, රු. 38,467,610 ක මුදලක් ගෙවා තිබෙනවා. සේවය කරන අතරතුර සිදූ වූ රියැදුරු මරණ සඳහා දීමනා 3කුත්, රියැදුරන් 405 දෙනකුගේ දෙමාපියන් සහ අඹුසැමියන්ගේ අවමංගල්‍ය වියදම් මේ අතර වේ. දරු උපත් සඳහා ද රක්ෂණය භාවිත කළ හැකිය. ඒ සඳහා රියැදුරුන් 421 දෙනෙකුට රු. 50,000 ක මුදලක් දැනට ගෙවා තිබෙනවා. සාමාන්‍ය අවශ්‍යතා සඳහා රෝහල් ගත වීම මෙන්ම කොවිඩ් ප්‍රතිකාර ද මෙයට ඇතුළත්. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සා/පෙළ සහ උසස් පෙළ දරුවන් 189 දෙනෙකු සඳහා දීමනා' ගෙවා තිබෙනවා,” යැයි Pickme ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පවසයි.

Pickme ආයතනය හා සමූපකාර රක්ෂණ සමාගම එකතුව ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා පිරිනමන මෙම වටිනා රක්ෂණය සුළුපටු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.

සිය සේවා සපයන්නන් නොසලකා හරින බවට විවිධ චෝදනා ගිග් සේවා භාවිත කරන ඩිජිටල් වේදිකාවන් වෙත එල්ල වී ඇති නමුත්, Pickme විසින් පසුගිය වසර 5 තුළ සේවායෝජක හා සේවක සම්බන්ධතාවය ඉක්මවා යන අයුරින් තම රියැදුරන්ට පක්ෂපාතීත්වය ලබා දී ඇති බව Pickme ප්‍රධාන විධායක නිලධාරී තවදුරටත් පැවසීය.

(595)



අදහස් (1)

Pickme රියැදුරන්ට ජිවීත රක්ෂණයක්.

de silva Monday, 12 June 2023 02:11 PM

හොඳ තීරණයක්..., මහමගදී මැර ප්‍රහාරයන්ට ලක්වීමේ සම්භාව්‍යතාවය වැඩියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 605 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 346 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site