IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


Ocean ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean ලංකා පෞද්ගලික සමාගම පසුගියදා 25 වැනි වරටත්  පැවැති ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී කැපීපෙනෙන ජයග්‍රහණයන්ට පාත්‍ර විය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී සිය සමාරම්භක සහභාගීත්වය සනිටුහන් කරමින්  Ocean ලංකා අපනයන කර්මාන්තය සඳහා සිය කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. අපනයන විශිෂ්ටත්වය සඳහා ලැබෙන ඉහළම ජාතික පිළිගැනීම ලෙස හඳුන්වන මෙම සම්මාන, කර්මාන්ත ප්‍රමිති සැකසීමට සහ ගෝලීය වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට Ocean ලංකා හි කැපවීම විදහා දක්වයි.

“ජනාධිපති අපනයන සම්මාන 2021/22” හි  Knitted Fabric කාණ්ඩයේ හොඳම අපනයනකරු සම්මානයෙන් පිදුම් ලැබීමටත් “ජනාධිපති අපනයන සම්මාන 2022/23” හි Knitted Fabric කාණ්ඩයේ කුසලතා සම්මානය හිමිකර ගැනීමටත් Ocean ලංකා සමත්විය. ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යමින් රෙදිපිළි අංශයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සඳහා Ocean ලංකාහි කැපවීම මෙම පිළිගැනීම් මගින් වඩ වඩාත් පිළිබිඹු කරයි.

මෙම ජයග්‍රහණයන් පිළිබඳව Ocean ලංකා පෞද්ගලික සමාගමෙහි  කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස්  දැක්වීය. ”‍අඛණ්ඩව වසර දෙකක් මෙම කීර්තිමත් සම්මාන ලබා ගැනීමට ලැබීම අපට සැබවින්ම ගෞරවයක්. මෙම ජයග්‍රහණ සමස්ත Ocean ලංකා කණ්ඩායමේ වෙහෙසමහන්සිය, කැපවීම සහ ඔවුන් සතු නව්‍යභාවය පිළිබඳව කදිම සාක්‍ෂියක්. මින් ඉදිරියටත් කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් දැක්වීමට අප කැපවී සිටිනවා.”‍

595



අදහස් (0)

Ocean ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site