
රෝයල් කැෂූ සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය (NCE) කළ ජාතික අපනයන විශිෂ්ටතා 2021 සම්මාන උළෙලේදී ප්‍රථම වරට පිරිනමන විශිෂ්ටතම සදාචාරාත්මක හා මානුෂීය අපනයනකරුවා විශේෂ සම්මානයෙන් මෙන්ම නැවුම් සහ සැකසූ කෘෂිකාර්මික අපනයන භෝග අංශය වෙනුවෙන් ජාතික මට්ටමේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.
ISO 22000: 2018, HACCP, GMP සහ ISO 14001:2015 තත්ත්ව සහතික ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම කජු සැකසුම් සමාගම වන රෝයල් කැෂූ අන්තර්ජාතික වෙළෙඳපොළට ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන රැසක් සපයයි.
“NCE සම්මාන උළෙලේදී රන් සහ මානුෂීය අපනයනකරු සම්මාන ලැබීමෙන් ගොවි මහතුන්ට, පාරිභෝගිකයන්ට හා කාර්ය මණ්ඩලයට අප කළ සාධාරණ මෙහෙය ඇගැයීමට ලක් වුණා. ඉදිරියටත් ගොවියා ළඟටම ගොස් අස්වැන්න මිලට ගෙන වැඩි නිෂ්පාදනයක් කර රටට විදේශ විනිමය ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ගොවියන්ට පුළුවන් අප සමඟ එක්ව ආර්ථිකය ශක්තිමත් කර ගන්න. අප සමඟ සෘජුව සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ෆේස්බුක් හෝ වෙබ් පිටු භාවිත කළ හැකියි. “රෝයල් කැෂූ සභාපති වෛද්‍ය රුවන් වතුගල මහතා පැවසීය. 1991දී ශ්‍රී ලාංකීය කජු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ අරමුණින් ඇරැඹූ රෝයල් කැෂූ සමාගම වර්තමානයේදී Royal Food Marketing, Trust Lanka Suppliers සහ Green Way Asia Lankaයන සමාගම්වල එකතුවෙන් සමූහ ව්‍යාපාරයක් වී ඇත. රෝයල් කැෂූ නිෂ්පාදන ජපානය, ඇමෙරිකාව, ස්වීඩනය, නවසිලන්තය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, සෞදි අරාබිය සහ මාලදිවයින වැනි රටවල් රැසකට අපනයන කරයි.
-සටහන- චමින්ද මුණසිංහ
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
NCE අපනයන සම්මාන දෙකකින් රෝයල් කැෂූ පිදුම් ලබයි