IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


NCE අපනයන සම්මාන දෙකක් RIOCOCO සමාගමට

ලොව පුරා ප්‍රසිද්ධ පොල් ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ වඩාත් සදාචාර සම්පන්න වෙළෙඳ අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂ ජයග්‍රහණය දශක දෙකකට වැඩි RIOCOCO සමාගමේ ඉතිහාසයට තවත් නොමැකෙන සලකුණක් එක් කළේය.

අපනයන සංවර්ධන මණ්ඩලය 31 වැනි වරට සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. සමාගමකට වසරකට එක් වරක් පමණක් ලැබිය හැකි මෙම සම්මානය පිරිනැමීමේදී පරිසරය, සමාජ වගකීම සහ ආර්ථිකය යන ක්ෂේත්‍ර උදෙසා අදාළ සමාගම් දක්වා ඇති දායකත්වය සහ සදාචාර සම්පන්න වෙළෙඳාම පිළිබඳව ජාතික අපනයන මණ්ඩලය නිකුත් කළ සහතිකයේ දැක්වෙන නිර්ණායක අට සලකා බලනු ලැබේ. NCE සම්මාන උළෙ‌ලේ අතරතුර පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අංශය මහා පරිමාණ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමටද RIOCOCO සමාගමට හැකි විය.

“මෙම ජයග්‍රහණයත් සමඟ තහවුරු වුණා අපි ලෝකයේ පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඉහළින්ම තිබෙන සන්නාමයක් බව. මේ ගමන තුළ විශාල ශක්තියක් වෙමින් අපට නැඟී සිටින්නට සහාය වූ සියලු‍ දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මීට පෙරත් එක්සත් ජනපදය, දකුණු ආසියානු රටවල් සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය පිරිනැමූ සම්මාන සහ වෙනත් ඇගැයීම් රැසක් අපිට ලැබුණා. මේ සියලු‍ ජයග්‍රහණ සමඟ සමාජ සහ ආර්ථික සාධාරණත්වය පදනම් කර ගත් ජයග්‍රාහී ගමනකට පිවිසෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” RIOCOCO සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂාන් හළඹ මහතා පැවසීය.

පස් රහිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියක් ඇරඹීම පිළිබඳව කිසිදු සැළසුමක් නොවූ කාලයක පොල් ශාක කොටස්වලින් එවැනි නිෂ්පාදනයක් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව හළඹ මහතා උනන්දුවක් දැක්වීය. එහි ප්‍රතිඵලයක් ලෙස 2004දී ඇරඹූ RIOCOCO ඉතා කෙටි කාලයකින් විශාල සාර්ථකත්වයක් ලැබූ අතර වර්තමානයේදී එය රටවල් 65කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී තිබේ. RIOCOCO ප්‍රධාන මූලස්ථානය වාරියපොළ, කටුපොත ප්‍රදේශයේ පිහිටා ඇති අතර දිවයින පුරා පිහිටි කර්මාන්තශාලා හා අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාර ජාලයක් හරහා සමාගම සිය නිෂ්පාදන සිදු කරයි.

595



අදහස් (0)

NCE අපනයන සම්මාන දෙකක් RIOCOCO සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site